
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ළාබාලතම පාලකයා ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කී ටූරෝ රාජධානියේ සිවුවැනි ඔයෝ කබම්බා රජු වයස අවුරුදු 34 දී අභාවප්‍රාප්ත වී ඇත. ටූරෝ රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ඒ බව නිල වශයෙන් දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් රජතුමාගේ මරණයට හේතුව කුමක් දැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර නොතිබුනත් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ කබම්බා රජු පිළිකාවකට ගොදුරු වී සිටි බවත් ඇමෙරිකාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත්ය. කබම්බා රජු සිය පියාගේ අභාවයෙන් පසුව 1995 වසරේදී ටූරෝ රාජධානියේ රජු බවට පත්වූ අතර එම අවස්ථාවේ ඔහුගේ වයස අවුරුදු තුනක් වූවේය. ඔහු එරට බටහිර ප්‍රදේශයේ පිහිටි ටූරෝ රාජධානියේ 13 වැනි රජු විය.
කබම්බා රජු අවුරුදු 31 ක් රජ කිරුළ දැරුවේය. 19 වැනි සියවසේ ආරම්භ වූ ටූරෝ රාජධානියට වර්තමානයේ දේශපාලන බලයක් නොමැති නමුත් එරට ජනතාව අතර සැලකිය යුතු සංස්කෘතික බලපෑමක් පවත්වාගෙන යන සාම්ප්‍රදායික රාජධානි කිහිපයෙන් එකකි. ඔයෝ රජු මිලියන දෙකකට අධික ජනතාවක් නියෝජනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd