
(කේ බුද්ධික කුමාරසිරි)
අත් පා බැඳ පාදුක්ක ලියන්වල පුස්ඇලි ඔයේ අතු ඇළකට දමා ඝාතනය කළ බව කියන තරුණයකුගේ මළ සිරුරක් අද(14) එම ස්ථානයේ තිබී සොයාගත් බව පාදුක්ක පොලිසිය කියයි.
මිය ගිය තරුණයා, පාදුක්ක ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි තිළිණ දර්ශන නමැති 17 හැවිරිදි අයෙකි.
නීතිවිරෝධී මත්පැන් වරදකට පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවකු කළ පාපොච්චාරණයක් අනුව මෙම සිරුර සොයාගැනිණි.
ඇළ මාර්ගයේ තිබී සිරුර සොයාගන්නා අවස්ථාව වනවිට ඝාතනය සිදු වී දින 4ක් ගතවී තිබිණි.
සැකකරු එම තරුණයාගේ නිවසට නිතර පැමිණි ඥාතියෙකු බවද, ඔහුව උපායශීලීව ඇළ ඉවුර වෙත ගෙන ගොස් මත්පැන් පොවා අත් පා බැඳ ඇළට තල්ලු කර දමා දිය පහරේ ගසාගෙන යනතුරු බලා සිට පලාගොස් ඇතැයිද පොලිසිය ප්‍රශ්න කිරීමේදී අනාවරණය විය.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පාදුක්ක පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඝාතනය කළ තරුණයෙකුගේ සිරුරක් පාදුක්කේ ඇළක