IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් අයෙක් මරුට

(අමදෝරු අමරජීව)

කන්තලේ සේරුනුවර මාර්ගයේ අද (15) යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත්තේ සුරියපුර පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ සේරුනුවර දෙහිවත්ත මහා විද්‍යාලයේ විද්‍යා විෂය උගන්වන කේ.සජිව සුපුන් නැමැති 32 හැවිරිදි ගුරුවරයෙකි.

මියගිය පාසල් ගුරුවරයා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන දෙහිවත්ත පාසලේ ඉගැන්වීමේ කටයුතුවල නියැලී සිට ඇතැයි පොලිසිය කියයි.

ටිපර් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණ  යතුරුපැදියේ ගැටී ඇති අතර ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කන්තලේ රෝහලට රැගෙන විත් ඇති අතර සුරියපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.

 



අදහස් (0)

යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site