
( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (14) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට තහනම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අප්‍රසාදය පළ කළහ.
කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් මාධ්‍යවේදීන් හට තහනම් කළ ප්‍රථම අවස්ථාව මෙය විය. මීට පෙර පවත්වන ලද සෑම කමිටු රැස්වීමක් සඳහාම සහභාගී වන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මාධ්‍යවේදීන්ට ලිඛිතව සහ දුරකථන ඇමතුම් මඟින් ආරාධනා කරනු ලැබීය.
නමුත් මෙවර නව රජයක් පත් වීමෙන් පසුව පවත්වන ලද ප්‍රථම සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දැඩි විරෝධය සහ අප්‍රසාදය පළ කරන කුරුණෑගල මාධ්‍යවේදීන් මෙම තහනම ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය අහුරා දැමීමක් වන බව චෝදනා කරති.
දිවයිනේ වෙනත් දිස්ත්‍රික්කවල පවත්වන ලද ප්‍රථම සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා මාධ්‍යවේදීන් සහභාගී කරගෙන තිබූ අතර කුරුණෑගල මාධ්‍යවේදීන්ට මෙවැනි තහනමක් පැනවීම ගැටළුවක් බවද මාධ්‍යවේදීන් ප්‍රකාශ කළහ.
කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ නව සම සභාපතිවරුන් වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර සහ වයඹ නව ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරමින් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, බතික් සහ අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකු ද සහභාගී වූහ.
ප්‍රථම කමිටු රැස්වීමට මාධ්‍යවේදීන් සහභාගී කර නොගන්නා ලෙසට කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා විසින් කරන ලද දැනුම් දීමකට අනුව මෙම රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කළ බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්.රත්නායක මහතා විසින් දන්වා සිටි බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රවෘත්ති අංශයේ නිලධාරිනියක සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුරුණෑගල කමිටු රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කරයි