
(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිස් බල ප්‍රදේශයේ වෑන් රථයක් හා කුඩා ලොරි රථයක් අද (14) අනතුරට ලක් වී වෑන් රථය පෙරැළීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි.
ඔඩ්ඩුසුඩාන් සිවන් කෝවිල ඉදිරිපිට දී මාන්කුලම් දෙසට ගමන්ගත් වෑන් රථය හා කුඩා ලොරි රථය අනතුරට ලක් වී ඇති අතර එහිදී වෑන් රථය කිහිපවරක් පෙරැළී යාමෙන් වෑන් රථයේ සිටි 12 දෙනෙකු තුවාල ලබා මුලතිව් රෝහල වෙතට රැගෙන ගිය බවට පොලීසිය පවසයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල නොවන බවටද පරික්ෂණ සිදු කරන ඔඩ්ඩුසුඩාන් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුලතිව් හි වෑන් රථයක් පෙරැළීමෙන් 12 කට තුවාල