
(මොහොමඩ් ආසික්)
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් නිවාස පහකින් රුපියල් ලක්ෂ ගණනක දේපළ සොරා ගත් පුද්ගලයකු අද (14) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 50 ක් පමණ වන පුද්ගලයෙකි.
කටුගස්තොට ප්‍රදේශයේ නිවාස කිහිපයකින් ම දේපළ සොරාගෙන ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිලි අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සොරා ගත් භාණඩ අතර රූපවාහිනී යන්ත්‍ර, පරිගණක, සීසිටීවි කැමරාවල කොටස්, යකඩ බට, විදුලි පංකා, ගෑස් සිලින්ඩර්, වීදුරු භාණ්ඩ, රබර් නළ, පිඟන් භාණ්ඩ ඇතුළු භාණ්ඩ රැසක් වන බව පොලිසිය කියයි.
මෙම සැකකරු නිවෙස් බිඳ සොරා ගන්නා ලද භාණ්ඩ විවිධ ස්ථානවලට විකුණා ඇති බවද, රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා සොරාගත් දේපළ ද සමග සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි. ඔහුට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මින් පෙර ද නඩු කිහිපයක් ම අධිකරණයේ පැවැති බවත් පොලිසිය කියයි.
සැකකරු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිවාස 5කින් ලක්ෂ ගණනක දේපළ සොරාගත් අයෙකු දැලේ