IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නාත්තන්ඩිය ප්‍රා. සභාවෙන් ගෙනා කුණු බෝතලේගම කුඹුරුවලට ගසාගෙන යයි

(හේමලතා ඩී. හේවගේ)           
 
දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් බෝතලේගම පාසල් මාවතේ පිහිටි පෞද්ගලික ඉඩමකට  එම ඉඩමේ හිමිකරු විසින් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවෙන් එකතුකරනලද ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැලිකසළ රැගෙනවිත් මුදාහැරීමෙන්, ඒවා ජලයට මුසුවී අවට  කුඹුරුවලටගලා යෑම නිසා එම කුඹුරු වගාකිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බව  කුඹුරු ඉඩම් හිමියෝ පවසති.
 
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුට අයත් බව පවසන මෙම ඉඩමේ හිමිකරු විසින් අපද්‍රව්‍ය ප්‍රාදේශීය සභාව හරහා රැගෙනවිත් ඉඩමේ ගොඩගසා ඇති බවත් ඒවා මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමග ජලයට මුසුවීම නිසා මේ තත්වය උද්ගතවී ඇති බවත් ඔවුහු පෙන්වාදෙති.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොස්වත්ත පොලිස්ථානය, දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම කමිටුව, දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට මේවන විටත් පැමිණිලි කර ඇති බවත් ඔවුහු පවසති.
 
මෙම ඇතිවී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීයෙකුගෙන් කළ විමසීමේ දී ඔහු පැවසූවේ අදාළ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් ඊයේ (08) කළ බවත් එම සිද්ධියට සම්බන්ධ ඉඩම් හිමියාට නැවත මෙවැනි දෙයක් සිදු නොකිරීම සඳහා උපදෙස් ලබා දුන් බවත්ය.
 
දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කිත්සිරි යාපා මහතාගේ උපදෙස් මත කිරිමැටියාන මහජන සෞඛ්‍ය පරීක්ෂක චානක හර්ශන, දංකොටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අසේල හේරත් යන මහත්වරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 



අදහස් (0)

නාත්තන්ඩිය ප්‍රා. සභාවෙන් ගෙනා කුණු බෝතලේගම කුඹුරුවලට ගසාගෙන යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31543 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13903 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11075 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1080 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site