IMG-LOGO

අතරමැදි කන්නයේ ඉපනැල්ලේ මුං වගාව සාරයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

තබ්බෝව ව්‍යාපාරයේ මයිලන්කුලම ගොවීහු මෙවර යල කන්නයේ ගොයම් කැපීමේන් පසුව ඉපනැල්ලේ මුං වගා කොට අතමිට සරු කරගෙන සිටිති.

යල කන්නයේ වී වගාව අවසන් වීමත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට මුං වගාව සඳහා තබ්බෝව ව්‍යාපාරයේ ගොවීන් 250 ක් අක්කර 400 ක සාර්ථකය මුං වගාව සිදුකර තිබේ.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ උපදෙස් මත වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය මෙම ඉපනැල්ලේ මුං වගාව සඳහා ගොවීන් දැනුවත් කර මෙම කටයුත්ත ආරම්භ කර තිබුණි.

මේ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ වාරි කළමනාකරණ අංශයද දායකත්වය දක්වා තිබුණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඉපනැල්ලේ මුං වගාවේ නිරත වූ ඩබ්ලිව්.කරුණාවති මහත්මිය මෙසේ පැවසුවාය.

       “ඇත්තටම අපිට හරිම සතුටුයි මොකද වෙනදා ගොයම් කපලා  වී අස්වැන්න අරන් ගෙදර ගිහාම කුඹුරු පැත්ත බලන්නේ නැවත කුඹුරු වැඩ පටන් ගන්න කටයුතු කරද්දී.

නමුත් මේ පාර වී අස්වැන්න ගෙදර ගිහින් දාලා ගෙදරට වෙලා ඉන්න අවස්ථාව ලැබුනේ නැහැ මොකද අපේ කෘෂිකර්ම උපදේශක රෝහිත මහත්තයා ගොයම් ඉපනැල්ලේම මුං වගාව කරන්න කරපු ඉල්ලීම නිසා.

මුලදී ඇත්තටම අපි කැමති වුනේ නැහැ මොකද කිසිඳු බිම් සැකසීමක් නැතිව තමා මේ මුං වගාව ඉපනැල්ලේ වගා කළේ.

ඉතාම සාර්ථක ක්‍රමයක් බව දැන් වැටහෙනවා අපි දැන් අස්වැන්න ලබා ගනිමින් සිටිනවා.‘‘

ඉපනැල්ලේ මුං වගාවේ නිරත වූ කේ.ජී. තිලක් පුෂ්පකුමාර මහතා මෙසේ පැවසීය.

         “අපි මුං කවුපි වගා කළේ හෙන් වල.ඇත්තටම මේ වෙල් ඉපනැල්ල තුළ මුං වගාව අපිට අලුත්ම දෙයක් වුණා.

ගොයම් කපලා වී ගෙදර අරන් ගිහින් රස්සේ නැති වෙන්නත් කලින් අපි අයෙත් කුඹුරට ආවේ පුංචි බයකුත් එක්ක.ඒ බව මේ අස්වැන්න නෙළන අවස්ථාවේ නැති වුණා.

අතට ලොකු ගාණක් එනවා.ඒ එක්කම මාස තුනක් නිකම් කැලැ වැහිලා යන්න තිබුණ කුඹුර අක්කර 400 ක මුං වගාවකින් පිරිලා තියෙද්දි ලොකු සතුටක් දැනෙනවා‘‘ යැයි ඔහු පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.එස්.වන්නිනායක මහතා මෙසේ පැවසීය.

          “මෙය ගොවීන්ට වැදගත් අවස්ථාවක් දිස්ත්‍රික්කයේ පළමු වතාවට තමයි මෙවැනි ඉපනැල්ලේ මුං වගාවක් පටන් ගත්තේ.

ඇත්තටම අපි මේ හරහා අලුත් දෙයක් ගොවීන් අතර නිර්මාණය කළා. ඒ තමයි නියමිත කාල වකවානු වලින් තොරව ගොවිතැන් කිරීමේ හැකියාව පවතින බව.

වෙනත් වගාවකින් පසුව බිමක් නිකරුනේ නාස්ති නොකරන දෙය.මේ සියල්ල හරහා අපි තවත් දෙයක් කළා ඒ රටට දේශීය මුං අස්වැන්නක් ලබා දෙන්න.

ඒ හරහා අපි උත්සහ කළේ අක්කරයකින් මුං කිලෝ 350 ත් 400 ත් අතර ප්‍රමාණයක් ලබා ගැනීමේ කටයුත්තකට යාම.මේ සඳහා අපිට පුත්තලම දිස්ත්‍රික්ලේකම් වරයා උපරිම සහාය ලබා දුන්නා.

එතුමා පැවති කොරෝනා සමය තුළ දී කන්න රැස්වීම් තියලා නිසි ලෙස මේ සියල්ලට සහාය ලබා දුන්නා‘‘යැයි ඔහු පැවසීය.

වනාතවිල්ලුව කෘෂිකර්ම උපදේශක රෝහිත සංජීව මහතා මෙසේ පැවසීය.

      “ඉපනැල්ලේ මුං වගාව මයිලන්කුලම ගොවීන්ට අලුත්ම දෙයක් වුණා.මොකද ගොයම කපලා අස්වැන්න ගෙදරට දාලා නැවතත් ගොවීන් කුඹුරට ගෙනාවේ ලොකු ප්‍රයත්නයකින්.

ඉපනැල්ලේ සීතටල මුං ඇට බීජ ඉසීම කරලා වැවෙන්න ඉඩ දුන්නා.නැවත අවස්ථා දෙකකදී පමණක් සුළු ජල ප්‍රමාණයක් තබ්බෝව ජලාශයෙන් ගොවීන්ට ලබා දීම කළා.

වෙනත් කාල වලදී සිදුවන කෘමි හානි දිලීර හානි කිසිවකු මේ මුං වගාවට ලං වුණේ නෑ.එය ලොකු ජයග්‍රහණයක් වුණා.

ඒ නිසාම හොද අස්වැන්නක් අපේ ගොවීන්ට ලැබීමට මෙය රුකුලක් වුණා.ගොවීන් මෙම ක්‍රමවේදයට නැඹුරු කර ගන්න අමාරු වුණා. දැන් කියනවා නැවත වෙල් ඉපනැල්ලට වගාවන් කරමු කියලා.

තවත් දෙයක් තමයි අපි ගොවීන්ට මුං ඇට බීජ ලබා දීම කළේ සියයට පනහේ දායකත්වයට ඒ නිසා බීජ වලට වැඩි මුදලක් යොදන්න උවමනාවක් ගොවීන්ට තිබුණේ නැහැ‘‘ යැයි ඔහු පැවසීය.

 

 



අදහස් (0)

අතරමැදි කන්නයේ ඉපනැල්ලේ මුං වගාව සාරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site