IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දැරියකට අතවර කළ පුද්ගලයා රිමාන්ඩ්


(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

සිය නිවසට ගෙන ගොස් 12 හැවිරිදි පාසල් දැරිවියකට ලිංගික අතවර කළේ යැයි මීටියාගොඩ පොලිසිය විසින් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුදහමුදා සෙබළෙකු සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ලූෂාන් වඩුතන්ත්‍රි මහතා අද (05) පස්වරුවේදී නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පැරැලිය, තෙල්වත්ත, මිදිගස්තුඩුව පදිංචි දෙදරු පියෙකු වන මුලතිව් යුද හමුදා කඳවුරේ සේවය කරන සෙබලකු වන මානගේ නිශාන්ත නමැත්තෙකි.

මෙම 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාව, සිය නිවස අසළ ඇති වෙළෙඳ සලට පැමිණි අවස්ථාවේදී මග සිටි සැකකාර සෙබලා  දැරියගේ අතින් අල්ලාගෙන සිය නිවසට රැගෙන ගොස් අතවර කර ඇති බවත්, ඒ අවස්ථාවේදි ඔහුගේ නිවසේ අය නොසිටි බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මීටියාගොඩ පොලිසිය කියයි.

මේ දැරිවියගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සෙබලා ඊයේ (04) ඔහුගේ නිවසේ සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.                                        

මීටියාගොඩ පොලිසිය විසින් සැකකරු අද (05) පස්වරුවේදි අධිකරණයට ඉදිරිපත් කරන ලදී.



අදහස් (0)

දැරියකට අතවර කළ පුද්ගලයා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site