
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
සිය නිවසට ගෙන ගොස් 12 හැවිරිදි පාසල් දැරිවියකට ලිංගික අතවර කළේ යැයි මීටියාගොඩ පොලිසිය විසින් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුදහමුදා සෙබළෙකු සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ලූෂාන් වඩුතන්ත්‍රි මහතා අද (05) පස්වරුවේදී නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පැරැලිය, තෙල්වත්ත, මිදිගස්තුඩුව පදිංචි දෙදරු පියෙකු වන මුලතිව් යුද හමුදා කඳවුරේ සේවය කරන සෙබලකු වන මානගේ නිශාන්ත නමැත්තෙකි.
මෙම 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාව, සිය නිවස අසළ ඇති වෙළෙඳ සලට පැමිණි අවස්ථාවේදී මග සිටි සැකකාර සෙබලා දැරියගේ අතින් අල්ලාගෙන සිය නිවසට රැගෙන ගොස් අතවර කර ඇති බවත්, ඒ අවස්ථාවේදි ඔහුගේ නිවසේ අය නොසිටි බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මීටියාගොඩ පොලිසිය කියයි.
මේ දැරිවියගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සෙබලා ඊයේ (04) ඔහුගේ නිවසේ සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මීටියාගොඩ පොලිසිය විසින් සැකකරු අද (05) පස්වරුවේදි අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd