
(ක.ග කරුණාරත්න)
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ 06 ක් අද (04) හබරණ , ගල්ඔය පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත්බව ගල්ඔය පොලිසිය පැවසීය.
කන්තලේ සිට හබරණ දෙසට මෙම වැලි ප්‍රවාහනය කරමින් තිබූ බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
ඔවුන් සියළුම දෙනා අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd