IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු විරෝධතාවක


(සිතුම් චතුරංග)
 
වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් කරන ලද අක්‍රමිකතා සහ එහි සේවයේ නිරත නිලධාරීන්ට කරන බලපෑම් නවතා දමන ලෙස ඉල්ලමින් ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු අද (04) එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරතවූහ.
 
ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බීමත්ව පැමිණ, ලේකම්වරිය ඇතුළු රාජ්‍ය සේවකයින් වෙත අසභ්‍ය වචන කියමින් බැණවදින බවත්, නීත්‍යානුකූල බවකින් තොරව පරිපාලන කටයුතු කිරීමට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය වෙත බලපෑම් කරන බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
 
මේ හේතුවෙන් රාජ්‍ය සේවකයෝ පිරිස තම සේවා කටයුතුවලින් ඉවත්ව විරෝධතාවයේ නිරතවූහ.
 
සභාපතිවරයා ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි ඇතුළු චක්‍රලේඛනවලට පටහැනිව රාජකාරී කිරීමට බලපෑම් කරන බවත් විරෝධතාකරුවෝ වැඩිදුරටත් පැවසූහ. ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ප්‍රාදේශීය සභාවට ලැබියයුතු සියලු ආදායම් මේ වනවිට අහිමිව ගොස් ඇති බවත් ප්‍රදේශයේ ජනතාවගේ සංවර්ධනයට ලැබුණ මුදල් ඔහුගේ අවිධිමත් ක්‍රියාකලාපය හේතුවෙන් නැවත භාණ්ඩාගාරයට හරවා යවා ඇති බවත් ඔවුහු චෝදනා කළහ. ඇතැම් සේවකයින් සභාපතිගේ බලපෑම් මත දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ පරිපාලනයද අඩපණ වී ඇතැයිද ඔවුහු කීහ.
 
සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් අසීරුතාවට පත් රාජ්‍ය නිලධාරීන් වෙත නිසි විසඳුමක් ලබානොදුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද විරෝධතාවයේ නිරත රාජ්‍ය නිලධාරීහු පැවසූහ.  
 



අදහස් (0)

වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 379 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site