
(රංජිත් රාජපක්ෂ)
නොර්වුඩ් පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ විදුලි බලාගාරයේ වැඩට ගිය විදුලි කාර්මිකයාගේ සිරුර එම වත්තේ ඇළ මාර්ගයක තිබී අද (4) හමු වූ බව නොර්වුඩ් පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ බගවන්තලාව කර්කස්වොල් වතුයායේ පදිංචි අරුමුගන් රවිකුමාර් නම් 42 හැවිරිදි පුද්ගලයෙකි.
එම වතු යායට අයත් විදුලි බලාගාරයේ වැඩට ගිය ආරුමුගන් රවීකුමාර්ගේ සිරුර එම විදුලි බලාගාරයට ජලය ලබා ගන්නා ඇළ මාර්ගයේ තිබෙන බවට එම ඇළ මාර්ගය අසළ තෘණ කැපීමට ගිය වතු කම්කරුවෙකු දැක ඒ පිළිබඳව වතු පාලන අධිකාරියට දැනුම් දිමෙන් පසු වතු පාලන අධිකාරිය පසුව නොර්වුඩ් පොලිසියට දැනුම් දි ඇත.
එම විදුලි බලාගාරයට ජලය ලබා ගනු ලබන්නේ මෙම ඇළ මාර්ගය හරස් කරමින් නිසා ජල විදුලි බලාගාරයේ වැඩට ගිය විදුලි කාර්මිකයා ඇළ මාර්ගයට වැටෙන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය සැකකරයි.
හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරිකෂාව සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නොර්වුඩ් පොලිසිය පවසයි.


2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2393
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජල විදුලි බලාගාරයේ වැඩට ගිය විදුලි කාර්මිකයාගේ සිරුර ඇළෙන් හමුවෙයි