IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉඩමක් බලෙන් පවරාගැනීමකට එරෙහිව නිහඬ විරෝධතාවක්


(ඔගස්ටින් ප්‍රනාන්දු)

හලාවත ජයබිම ප්‍රදේශයේ ජනතාවගේ පොදු අවශ්‍යතා සඳහා වෙන් කර ඇති ඉඩමේ කොටසක් විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය සඳහා ලබාදීමට පියවර ගැනීමට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීහු අද (4 ) නිහඬ විරෝධතාවක නිරත වුහ.

ඉඩම්  පවරා ගැනීමේ පනත යටතේ ජයබිම වූ මෙම ඉඩම රජයට පවරා ගත් අතර, පසුව එම ඉඩම් ප්‍රතිසංස්කරණ  කොමිසම වෙත පවරා ගත්තේය. එවකට සිටි සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ඉඩම් නොමැති පවුල් වෙත පර්චස් 20 බැගින් කොටස් පවරා දෙන ලදි.

ජයබිම සාම විහාරාධිපති සහ හලාවත ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති  ආදා උල්පත සීලවංශ ස්වාමින් වහන්සේ මේ විරෝධතාව සම්බන්ධයෙන් මෙසේ පැවසූහ.

''මේ වන විට මෙහි පවුල් 3000ක් පමණ පදිංචිවි සිටිනවා.   ඉඩමෙන් විශාල කොටසක් යම් යම් බලපෑම් මත විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන්න  නොනිල වශයෙන් යොදා ගෙන තියෙනවා. වන සංරක්ෂණ කාර්යාලයත් මේ වන විට මෙහි පිහිටුවා කිබෙනවා. මේ නිසා දැන් ජනතාවට පොදු අවශ්‍යයතාව ඉටු කර ගන්න ස්ථානයක් නැතිවෙන්න පුලුවන්. ඒනිසා තමයි ජයබිම ජනතාව මෙම  නිහඬ විරෝධතාව පවත්වන්නේ. මෙම ඉඩම වෙනත් කටයුතු සඳහා යොදා නොගෙන ජයබිම ජනතා අවශ්‍යතාවන් සදහා ස්ථිර වශයෙන් වෙන් කර දෙන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා'' යයිද සීලවංශ හිමියෝ සඳහන් කළහ.

මෙම නිහඬ විරෝධතාව පැයක පමණ කාලයක් පැවැත්විණි.



අදහස් (0)

ඉඩමක් බලෙන් පවරාගැනීමකට එරෙහිව නිහඬ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 728 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site