IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ව්‍යාජ ලෙස පෙනී සිටි මිනිමැරුම් නඩුවක විත්තිකරුවෙක් රිමාන්ඩ්

(ටෝනි කරුණානායක)

ව්‍යාජ විදේශ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කරමින් අන් අයෙකු ලෙස පෙනී සිටි මිනිමැරුම් නඩුවක විත්තිකරුවෙකු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ඉන්දිකා රත්නායක මහත්මිය අද (06) නියම කළාය.

දිවුලපිටිය කඩවල ප්‍රදේශයේ පදිංචි එම්.චන්දන පුෂ්පකුමාර නැමැති සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව මහාධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අතර ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අශංයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව මිනුවන්ගොඩ කටුවැල්ලේගම පලුගහවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ රුව ඇති වෙනත් අයෙකුගේ නම සඳහන් විදේශ ගුවන් ගමන් බලපත්‍රයක් සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට ඉදිරිපත් කර තිබූ අතර එම ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේ දී එය අන් අයෙකුට අයත් එකක් බව පොලිසිය අනාවරණය කරගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිසිය වෙත බාර දි තිබේ.

සැකකරු මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය උපයෝගී කරගනිමින් තවත්  අපරාධ සඳහා යොමු වූයේ ද යන්නත් සැකකරුට එම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය සාදාගැනීම සඳහා ආධාර අනුබලදීමට සහාය ලබා දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව මිනුවන්ගොඩ පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

විවෘත වරෙන්තුවට අදාළව සැකකරුව මීගමුව මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට නියම කළ අධිකරණය ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබන 09 වැනිදාට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළේය.

 



අදහස් (0)

ව්‍යාජ ලෙස පෙනී සිටි මිනිමැරුම් නඩුවක විත්තිකරුවෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 728 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site