IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මුහුදුකටුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට ගස් කඩා වැටෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මාරවිල මුහුදුකටුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට ගස් කඩා වැටීමෙන් හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර ඒ.එම් .ආර් .එන් .කේ. අධ්‍යක්ෂ මහතා පවසයි .

අද (7) අලුයම් කාලයේ මාරවිල වෙන්නප්පුව ප්‍රදේශ හරහා හමා ගිය මහ සුළඟකින් මෙසේ ගස් කඩා වැටී වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට හානි සිදුව ඇති බව කියයි.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට අයත් මෙම මධ්‍යස්ථානය තුළ තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණු පවත්වමින් තිබු ස්ථානයක් බවත් කියයි.

සුළඟත් සමග මෙම මධ්‍යස්ථානය අසළ තිබු දැවැන්ත නුග ගසක් ගොඩනැල්ල මතට ඇද වැටී ඇති බව කියයි. මේ හේතුවෙන් 7 දින වෘත්තීය පුහුණු සදහා පැමිණි සිසු සිසුවියන් ආපසු හරවා යැවීමට පාලනාධිකාරියට සිදුව තිබිණි.

පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා පවසා සිටියේ ගොඩනැගිල්ල මතට වැටී ඇති දැවැන්ත නුග ගස මේ වන විට ඉවත් කිරිමට කටයුතු කරමින් ඇති බවයි.

කෙසේ නමුත් වෘත්තිය පුහුණු පවත්වන අවස්ථාවක මෙම ගස කඩා වැටීම සිදු වුවා නම් ජීවිත හානි සිදුවීමට ඉඩ තිබූ බව ද සහකාර අධ්‍යක්ෂවරයා පවසයි.



අදහස් (0)

මුහුදුකටුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට ගස් කඩා වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site