ගල්කිස්ස මුහුදේ නාන්න ගිය තරුණයකුගේ සිරුරක් ගොඩ ගසයි ගල්කිස්ස ද සේරම් මාවත මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුවී මියගිය තවත් තරුණයකුගේ සිරුරක් අද (25) සොයා ගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි. 25 August 2020
බස් රථයකට යටවී තුවාල ලබාසිටි තරුණයෙක් මරුට ගාල්ල මාපලගම ලබුදූවේ දී අද (24) සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ තරුණයෙකු අද රාත්‍රී මියගොස් ඇතිබව අක්මීමන පොලිසිය කියයි. 24 August 2020
සිසුන් 12ක් අනතුරට ලක් කළ බීමත් රියැදුරු යළිත් රිමාන්ඩ් අරලගංවිල, බෝගස්වැව ප්‍රදේශයේදී පාසැල් සිසුවෙකුට මරු කැඳවමින් තවත් සිසුන් 11 දෙනෙකුට තුවාල වන පරිදි බීමත්ව කැබ් රථයක් පදවා මාරක රිය අනතුරක් කළ රියැදුරා සැප්තැම්බර් 7 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතා අද(24) නියෝග කළේය. 24 August 2020
ලුණුගම්වෙහෙර ප්‍රා. ලේ. කාර්යාලය ඉදිරිපිට පවුලක් උපවාසයේ ‘වසර 28ක් පදිංචිව සිටි සිය ඉඩමෙන් තමන් ඉවත් කර පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකුට හෝටලයක් හදන්නට ඉඩම දීලා’ යැයි පවසමින් ලුණුගම්වෙහෙර ස්පිල්ගම්මානයේ පදිංචි පියෙකු ඇතුළු දරු පවුලක් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (24) උපවාසයක් ආරම්භ කර තිබේ. 24 August 2020
පිරිමි දරුවෙකු අපයෝජනය කළ නර්තන ගුරුවරයෙක් අත්අඩංගුවට වයස අවුරුදු 17ක බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ නර්තන ගුරුවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ,සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසීය . 24 August 2020
දැරියක අපයෝජනය කළ අයෙකුට වසර 5කට පසු සිරදඬුවම් වසර පහකට පෙර සුරියවැව බෝගහඉදිවැවදි බාලවයස්කාර දැරියක අපයෝජනය කර ගැබිනියක කළැයි වරද පිළිගත් අයෙකුට වසර 15ක සිරදඬුවමක්, රුපියල් 2000ක දඩ මුදලක් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජයකි ද අල්විස් මහත්මිය අද (24) නියෝග කළාය. 24 August 2020
කටුබැද්දේ සුපිරි වෙළෙඳසැලක සේප්පුවකින් ලක්ෂ 50 ක් සොරාගෙන කටුබැද්ද පොලිස් මාර්ග බාධකය ඉදිරිපිට සුපිරි වෙළඳසලේ සේප්පුව කපා රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි . 24 August 2020
කිලිනොච්චියේ ඉඩමක් එළිපෙහෙළි කරද්දී ආර්.පී.ජී. උණ්ඩයක් හමුවේ කිලිනොච්චිය පලෙයි පොලිස් බලප්‍රදේශයේ, කෝවිල් වයල් ප්‍රදේශයේ නැවත පදිංචි වැසියෙකු සිය ඉඩම එළිපෙහෙළි කරන අවස්ථාවේදී ආර්.පී.ජී. උණ්ඩයක් හමු වී ඇති බව පලෙයි පොලීසිය පවසයි. 24 August 2020
නිවාස බිඳුම් කළ අයෙක් රන්භාණ්ඩ-මුදල් සමඟ පොලිසියට හසුවෙයි දෙහිවල, ගල්කිස්ස, බොරලැස්ගමුව යන පොලිස් වසම් තුළ නිවාස 10කට අධික ප්‍රමාණයක් බිඳ රුපියල් ලක්ෂ හැට තුනකට අධික රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරාගත් පුද්ගලයෙකු විදේශීය රටක නිෂ්පාධිත ජීව අත්බෝම්බයක්ද දෙහිවල පොලිසිය අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 24 August 2020
ගල්කිස්ස මුහුදේ ගිලුණු තරුණයෙක්ගේ සිරුරක් හමුවෙයි ගල්කිස්ස ද සේරම් මාවත මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුවී මුහුදේ අතුරුදන් ව ගිය තරුණයින් දෙදෙනාගෙන් එක් තරුණයෙකුගේ මළසිරුරක් (24) උදෑසන සොයා ගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි . 24 August 2020
ගිංතොට තුනීලෑලි සංස්ථාවේ සේවකයෝ උද්ඝෝෂණයක ගිංතොට තුනීලෑලි සංස්ථාව බේරා දී සේවක වැටුප් ගෙවීමට කටයුතු කරන්නැයි ඉල්ලමින් එහි සේවක සේවිකාවෝ පිරිසක් අද (24) ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වූ ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ. 24 August 2020
නිවසකින් යුද හමුදා ඇඳුම් කට්ටල-උණ්ඩ ඇතුළු භාණ්ඩ තොගයක් හමුවෙයි වේයන්ගොඩ කුඔල්ඔළුව ,ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී-56 මැගසින් එකක් සහිත උණ්ඩ 30 ක්, යුදහමුදා ඇදුම් කට්ටල 03 ක් සහ කඩුවක් අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි. 24 August 2020
තරුණියකගේ මුදල් පසුම්බිය කොල්ල කෑ අයෙකු අත්අඩංගුවට අලුත්ගම සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන් ගනිමින් සිටි මගී කාන්තාවකට පිහියක් පෙන්වා අත්බෑගය උදුරාගෙන ධාවනය වන දුම්රියෙන් පැනගිය සැකකරුවෙකු මහජන සහාය ද ඇතිව අද (23) මොරටුව එගොඩඋයන දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගත්බව පොලීසිය පැවසීය. 23 August 2020
මත්තේගොඩ කසළ අංගනයක් ඉදිකරනවාට විරෝධයක් මත්තේගොඩ නිවාස සංකීර්ණය පිහිටි භූමියේ කසල අංගනයක් ඉදිකිරීමට හෝමාගම ප්‍රාදේශීය සභාව ගෙන ඇති තීරණයට එරෙහිව ප්‍රදේශයේ ජනතාව මත්තේගොඩ නගර මධ්‍යයේදී අද(23) විරෝධතාවක් පැවැත්වූහ. 23 August 2020
අපද්‍රව්‍ය මුදා හැරීමෙන් මුන්දලම තෝඩුවාව කඩොලාන පද්ධතිය විනාශයි නිවෙස් වලින් බැහැර කරන සියලුම කැලි කසළ මුන්දලම මදුරන්කුලිය තෝඩුවාව මාර්ගය දෙපස කඩොලාන සහිත පරිසරයට මුදා හැරිමෙන් පාරිසරික ගැටළු රැසක් මතුව ඇති බව පරිසරවේදින් චෝදනා කරති . 23 August 2020
හම්බන්තොට නිවසකින් ගිනි අවි- ජීව පතුරොම් සොයාගනී හම්බන්තොට සොමිසෙතගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනි අවි දෙකක් හා ජීව පතුරොම් 13 ක් සමඟ ගෙහිමියා අද(23) අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 23 August 2020
පොලිස් නිලධාරීන්ට හක්කපටස් එකකින් පහරදී පලා යාමට තැත් කළ අයෙක් අත්අඩංගුවට කළුතර, තිනියාවල පොලිස් නිලධාරීන්ට හක්කපටස් එකකින් පහර දී පළා යාමට තැත් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරකම් දෙකක තොරතුරු අනාවරණ වූ බව තිනියාවල පොලිසිය කියයි . 23 August 2020
මුහුදේ ගසාගෙන ගිය තරුණයාගේ සිරුර සොයාගනී තංගල්ල ගොයම්බොක්ක මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද(23) සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 23 August 2020
යාං ඔයට මාලු කීටයන් දශ ලක්ෂයක් මහා පරිමාණ මිරිදිය ධීවර කර්මාන්තයක් ඇතිකිරීම උදෙසා මත්ස්‍ය ඇඟිල්ලන් හා යෝධ මිරිදිය අඬු ඉස්සන්ගේ කීටයන් දස ලක්ෂයක පමණ ප්‍රමාණයක් යාන් ඔය ජලාශයට මුදාහැරීම අනුරධපුර දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) සිදුකෙරිණි. 22 August 2020
නාථ මහා දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක් මහනුවර දොඩම්වල ඓතිහාසික ශ්‍රී නාථ මහා දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ලෙස පල්ලේපොල අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ වෝල්ටර් පරහිටියාව තැන්නේ මහත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් පත් කර තිබේ. 22 August 2020
හුලුගග පාලම අසල ගිලා බැසීමක් පන්විල- බඹරැල්ල මාර්ගයේ පිහිටි හුලුගග පාලම අසල කොටසක් ගිලා බැසීමට ලක්වීම හේතුවෙන් පාලම මතින් රථ වාහන ගමනාගමනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතා දමා තිබේ. 22 August 2020
ගංජා හේන් වටලන්න ගුවනින් මෙහෙයුමක් ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ ඒකාබද්ධ ගුවන් මෙහෙයුමක් මඟින් අද (21) හම්බේගමුව කුඩාඔය සහ තණමල්විල යන ප්‍රදේශවල අක්කර 04 ක් පුරා වගා කර තිබූ ගංජා හේන් 08 ක් විනාශ කළ බව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැවසීය. 21 August 2020
තේක්ක දැව තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට හබරණ ආසිරිගම රජයේ රක්ෂිත කැලෑවෙන් නීති විරෝධි ලෙස කපා රැගෙනවිත් තිබූ තේක්ක දැව තොගයක් සමඟ සැකකරුවෙකු අද (21) හබරණ , පලුගස්වැව ආසිරිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව හබරණ පොලීසිය කියයි. 21 August 2020
උතුරු මැද පළාත් සභාවේ නව ලේකම් වැඩ බාරගනී උතුරු මැද පළාත් සභාවේ නව ලේකම්වරයා ලෙස ආර්.එම්.ප්‍රේමසිරි රත්නායක මහතා අද (21) උතුරු මැද පළාත් සභා සංකීර්ණයේයේදී සිය ධූරයේ වැඩ බාරගත්තේය. 21 August 2020
ඇළ මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි හෝමාගම පිටිපන දකුණ ප්‍රසන්නපුර ප්‍රජාශාලාවේ වසර හයක පමණ කාලයක සිට වාසය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇළ මාර්ගයක් අසල තිබී අද (21) සොයාගත් බව හෝමාගම පොලිසිය පවසයි. 21 August 2020
මීරිගම ගරාජයක තිබී අත්බෝම්බයක් සොයාගනී අවි ගබඩාවක් පවත්වාගෙන ගිය මීරිගම ගරාජයේ තිබී අද (21) විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් සොයාගත් බව මීරිගම පොලිසිය පැවසීය. 21 August 2020
අලිංචිපතාන විල්ලුවේ අනවසරෙන් වී ගොවිතැන් කළ අයෙකුට ඇප ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් අලිංචිපතාන විල්ලුවට අනවසරයෙන් ඇතුළුවී පරිසරය විනාශ කරමින් වී ගොවිතැන් කළ බව කියන පුද්ගලයෙකු ඇප මත මුදාහරින ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතා අද(21) නියෝග කළේය. 21 August 2020
දික්ඔය ඇළක මළ සිරුරක් දික්ඔය ඇළ මාර්ගයේ තේ කර්මාන්ත ශාලාවක් අසළ මළ සිරුරක් තිබී අද(21) හමුවී ඇතැයි පොලිසිය කියයි. 21 August 2020
අනවසරයෙන් විදුලිය ගත්තාට දඩ අනවසරයෙන් ලී මඩුවට විදුලිය ලබාගෙන විදුලි බල මණ්ඩලයට අලාබ සිදු කරන ලද විත්තිකරුවෙකුට විදුලි බල මණ්ඩලයට සිදු කරන ලද පාඩුව වෙනුවෙන් රුපියල් 483,961ක මුදලක්ද රුපියල් 15,000ක දඩයක්ද ගෙවිමට ගාල්ල අතිරේක මහේස්තාත් පවිත්‍රා සංජිවන් පතිරණ මහත්මිය අද(21) නියෝග කළාය. 21 August 2020
ඉඹුල්පේ ගල්කොරියකට විරෝධයක් බලන්ගොඩ ඉඹුල්පේ අමුපිටිය ප්‍රදේශයේ ආරම්භ කිරිමට යන ගල් කොරියකට විරෝධය දක්වමින් අද (21) දා ප්‍රදේශවාසීහු පිරිසක් විරෝධතාවයක නිරත වුහ. 21 August 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025