IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පොලිස් නිලධාරීන්ට හක්කපටස් එකකින් පහරදී පලා යාමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කළුතර, තිනියාවල පොලිස් නිලධාරීන්ට හක්කපටස් එකකින් පහර දී පළා යාමට තැත් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරකම් දෙකක තොරතුරු අනාවරණ වූ බව තිනියාවල පොලිසිය කියයි .
 
 එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරා ගත්  වායු රයිපලයක්  හා රුපියල් තිස් දහසකට ආසන්න මුදලක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .

ඉකුත් මස 12 වෙනි දින තීනියාවල ගල් දෙනි ඇල්ල ප්‍රදේශයේ  නිවසකින් රුපියල් දෙලක්ෂ අසූ දහසක මුදලක් සොරා ගැනීම සම්බන්ධ මෙම සැකකරු පිළිබඳ තීනියාවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැදිසිංහ  මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට  යාමේදී හක්කපටස් එකකින් පහර දී පළා යාමට තැත් කිරීමේදී දැඩි පරිශ්‍රමයක් දරා  සැකකරු අත්අඩංගුවට  ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .

 අනතුරුව සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ගල්දෙනි ඇල්ල ප්‍රදේශයේ ,වාඩියක තිබූ වායු රයිෆලයක් ඉකුත් මැයි මස සොරා ගෙන තිබුණේ මෙම  සැකකරු බව ද වැඩිදුරටත්  අනාවරණය  වීමෙන්  අනතුරුව එම වායු  රයිෆලය ද සොයාගත් බව ස්ථානාධිපති ප්‍රසන්න වෙදසිංහ මහතා පැවසීය 



අදහස් (0)

පොලිස් නිලධාරීන්ට හක්කපටස් එකකින් පහරදී පලා යාමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 738 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2396 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site