(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩු පක්ෂය  මැතිසබයට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමි ඉදිරිපත් කිරීමට  හැකි කාලය අනිද්දා 31   සදුදා අවසන් වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය  එම නඩු විභාගය අවසන් කර  දින 21ක් තුළ නඩුවේ තීරණය ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යැවිය යුතු වේ. ඒ අනුව ලබන මස 21 දිනට පෙර අදාළ තිිරණය ලබාදීමට සිදුවනු ඇත.

විසි දෙවැනි  ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම් පත පිළිබඳ විවාදය ලබන ඔක්තෝබර් මස මුල පැවැත්වීමට නියමිතය.