නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයෙක් හදිසියේ මිය යයි හෝමාගම දියගම තාක්ෂණ විශ්ව විද්‍යාල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු, හදිසියේ රෝගී වී ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි. 16 August 2020
රෝගීන්ගේ රන් බඩු සොරාගත් හොර දොස්තර අල්ලයි වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කරාපිටිය රෝහල ඇතුලු දිවයිනේ ප්‍රධාන රෝහල්වල සායනවලට පැමිණෙන කාන්තාවන්ගේ රන් ආභරණ සොරකම් කිරිම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 16 August 2020
බාලවයස්කාර දැරිය දුෂණය කළ සැකකරු අත්අඩංගුවට දස හැවිරිදි දැරියක් දුෂණය කර මරා දැමිමේ සිද්ධියට සම්බන්ධ මසකට ආසන්න කාලයක් සැගවී සිටි සැකකරුවකු අද (16) අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි. 16 August 2020
වෙල්ලස්සේ තෙවැනි වසරේ විභාගය 18 දා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සත්ත්ව පාලන විද්‍යා සහ අපනයන කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ විභාගය මේ මස 18 දින සිට 25 දක්වා පැවත්වෙන බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය. 16 August 2020
හෙරොයින් - ගංජා අලෙවි කළ තිදෙදෙනකු අත්අඩංගුවට නාවලපිටිය ප්‍රදේශයේ හෙරොයින් සහ කේරල ගංජා අලෙවි කිරිමේ ජාවාරමක නිතරව සිටි තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසයි. 16 August 2020
නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ තිදෙනකු අත්අඩංගුවට නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් තිදෙනෙකු යාපනය පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 16 August 2020
නිධානයකින් ගත්තැයි කියා ලක්ෂ 10 කට ව්‍යාජ මැණික් විකුණන්න හදලා නිධානයකින් ලබාගත් වටිනා මැණික් ගල් බව පවසා ව්‍යාජ මැණික් ගල් 03ක් දිඹුලාගල ප්‍රදේශයේ පදිංචි මවකට සහ ඇගේ දියණියකට රුපියල් ලක්ෂ 10ක මුදලකට විකිණීමට සූදානම් වෙද්දී දේවාලයක කපුවෙකු බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙකු එම ව්‍යාජ මැණික් ගල් සමඟ අද (16) අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි. 16 August 2020
හල්දුම්මුල්ල රජයේ ෆයිනස් වගාවේ ගින්නක් හල්දුම්මුල්ල නගරයට ඉහළ රජයේ ෆයිනස් කැලෑවේ අද (16) හදිසි ගින්නක් හටගෙන ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 16 August 2020
දඩයමේ ගිය තිදෙනෙකු තුවක්කු 8ක් සමඟ අත්අඩංගුවට උඩුගම කොතලාවල ඇල්ල ප්‍රදේශයේ දි සතුන් දඩයම් කිරීම සදහා යමින් සිටි තිදෙනෙකු බෙහෙත් කොටන තුවක්කු 8ක්, මත්පෙති ඇතුළු උගුල් ඇටවීමේ මෙවලම් සමග අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි. 16 August 2020
පිහියකින් ඇන බරපතල තුවාල සිදුකළ අයෙක් අත්අඩංගුවට පුද්ගලයෙකුට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකළ පුද්ගලයෙකු මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඒ.එම්.එස්. මැණිකේ මහත්මිය අද (15) සවස නියෝග කළාය. 15 August 2020
මහජන සෞඛ්‍ය පරික්ෂක අනුමැතියෙන් කසල ඉවත් කිරීමට නියෝග උඩප්පුව පොලිස් වසමේ පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමකට රැගෙනවිත් තිබූ රෝහල් සායනික අපද්‍රව්‍යද ඇතුළත් අධික දුගඳක් සහිත අපද්‍රව්‍ය තොගයක් වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.එන්.ජවුසි මහතා අදාල ඉඩමේ හිමිකරුවන්ට නියෝග කර තිබුණි. 15 August 2020
දුම්රියේ ගැටී අයෙක් මරුට දෙහිවල සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගයේදී පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ බව වැල්ලවත්ත පොලිසිය පවසයි. 15 August 2020
අනතුරකින් අයෙක් මරුට ගාල්ල කරාපිටිය අනගාරික ධර්මපාල මාවතේදී ඊයේ (14) රාත්‍රී 12 ට පමණ යතුරුපැදියක ගමන් කරමින් සිටි දෙදෙනෙකුගේ යතුරුපැදිය ඊට විරුද්ධ දිසාවෙන් පැමිණි ජංගම දොඹකර රථයක ගැටීමෙන් වූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් පිටුපසින් ගමන් කළ තැනැත්තා බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලීසිය කියයි. 15 August 2020
මැටිගහතැන්නට කඩාවැදුණු ‘සේනා’ වගාබිම වනසති පස්සර - ලුනුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැටිගහතැන්න ගම්මානයේ අක්කර 40 ක් පමණ වූ බඩඉරිගු වගාව සේනා දළඹුවන් විනාශ කර ඇතැයි ගම්වැසියෝ මැසිවිලි නගති. 14 August 2020
කෝටි 10 ක රන් භාණ්ඩ කොල්ලකෑ සිව්දෙනෙකු දැලේ මඩකලපුව මුලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ මඩකලපුවේ පිහිටි ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ව්‍යාපාර ස්ථානයකින් කෝටි 10ක රන් භාණ්ඩ කොල්ල කෑ සිව්දෙනෙකු අද(14) අත්අඩංගුවට ගත් බවට පොලිසිය පවසයි. 14 August 2020
යතුරුපැදි - කැබ් රථ අනතුරින් පුද්ගලයකු මරුට පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ බැඳිවැව ප්‍රදේශයේදී අද (14) කැබ් රථයක් යතුරුපැදියක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 14 August 2020
වෙඩි කා පලාගිය වෑන් රිය කුලියට ගත් එකක් මීරිගම ඩී. ඇස් සේනානායක හන්දියේදී පොලිස් වෙඩි පහර කා නොනවත්වා පලාගිය, කොල්ල කල්ලියක් ගමන්ගත් වෑන් රිය රාජාංගනය ප්‍රදේශයෙන් කුලියට ලබාගත් එකක් බව හෙළි වී ඇතැයි මීරිගම පොලිසිය කියයි. 14 August 2020
අධිකරණ නමයකින් විවෘත වරෙන්තු 31 ලද පුද්ගලයකු අත්අඩංගුවට රන්මාල කොල්ලකෑම සම්බන්ධයෙන් අධිකරණ නමයකින් විවෘත වරෙන්තු 31 ක් ලබා වසරකට අධික කාලයක් සැඟව සිටි පුද්ගලයකු හොරණ නගරයේ දී අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි. 14 August 2020
හල්දුම්මුල්ල ප්‍රා. සභා රැස්වීම පැය භාගයයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (13) දින පැවති අතර ඝණ පූර්ණය නොමැති වීමෙන් එය පැය භාගයකට සීමා විය. 13 August 2020
ජංගම වෙළඳසැලක මුවාවෙන් හෙරොයින් ජාවාරම් කරලා ගාල්ල සමනල ක්‍රීඩාංගණය අසළ පෞද්ගලික බස් නැවතුම්පොළ ඉදිරිපිට ජංගම වෙළඳසලක් පවත්වාගෙන යන මුවාවෙන් හෙරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු අද (13) අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 13 August 2020
පුත්තලම රෝහලේ රෝගීන්ගෙන් ලක්ෂ 2ක රන් භාණ්ඩ සොරාගෙන රෝහලේ සේවකයකු ලෙස පෙනීසිටිමින් පුත්තලම රෝහලේ සායනවලට පැමිණ සිටි රෝගීන්ගේ ලක්ෂ දෙකකට ආසන්න රන් භාණ්ඩ සොරකම් කල පුද්ගලයකු සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය කියයි. 13 August 2020
නිකවැරටියේදී වරෙන්තුකරුවෝ 7 ක් අල්ලති නිකවැරටිය මූලස්ථාන පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තු කරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය අද 13 දා පැවසීය. 13 August 2020
බාලවයස්කාර දැරියට අතවර කළ පිරිසක් දැලේ බාල වයස්කාර දැරියක වරින් වර අපයෝජනය කළ බව කියන දහ දෙනෙකුගෙන් යුත් පිරිසක් අතුරින් හත් දෙනෙකු අද (13) පූජාපිටිය පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ ඇති අතර ඉතිරි පිරිස අත් අඩංගුවට ගැනිම සඳහා පරීක්ෂණ පවත්වනු ලබයි. 13 August 2020
වී අලෙවි මණ්ඩලය ප්‍රථම වරට ගාල්ල දිසාවෙන් වි මිලදී ගනියි වී අලෙවි මණ්ඩලය ප්‍රථම වරට මෙවර යල කන්නයේ සිට ගාල්ල දිසාවේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට කටයුතු යොදන බව වී අලෙවි මණ්ඩලයේ දකුණු පළාත් කලාප කළමනාකරු සුරංග සේනානායක මහතා පවසයි. 13 August 2020
රිය අනතුරකින් හමුදා සෙබළා මරුට නිවාඩු ලබා ගෙදර යමින් සිටි යුද හමුදා සෙබළෙකු ඔහු පදවාගෙන ගිය යතුරු පැදිය අද(13) දිඹුලාගල, දළුකාන වැව අසලදී බෝක්කුවක වැදී අනතුරකට ලක්වී වැවට වැටී මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 13 August 2020
හාලිඇළ හෙළවැල්ගොල්ලේ නිධන් සෙවූ 5 දෙනා රිමාන්ඩ් හාලිඇළ උඩුවර හෙළවැල්ගොල්ලේ ඉඩමක නිධන් හෑරීමේ අරමුණින් කැණීම් කළැයි සැකපිට හාලිඇළ පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද(12) නියෝග කළේය. 12 August 2020
කිරි දොවමින් සිටි පුද්ගලයකුට වෙඩි ප්‍රහාරයක් කතරගම ගෝතමීගම ප්‍රදේශයේ ගවගාලක කිරිදොවමින් සිටි පුද්ගලයකුට අද (12) පුද්ගලයින් පිරිසක් පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර පොලු මුගුරු වලින් පහරදීමක් බරපතල තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත ඇතුළු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙබරවැව මුලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කතරගම පොලිසිය කියයි. 12 August 2020
වරෙන්තුකරුවෝ 5ක් සමඟ 14ක් අරලංගවිලදී දැලේ අරලගංවිල පොලිස් වසමේ කළ විශේෂ මෙහෙයුමකදී අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර සිටි වරෙන්තුකරුවන් 5දෙනෙකු ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන්වූ සැකකරුවන් 14 දෙනෙකු අද(12) අත්අඩංගුවට ගත්බව අරලගංවිල පොලීසිය කියයි. 12 August 2020
දියණියන් අපයෝජනය කළ පියා සොයා පරීක්ෂණ සිය දියණියන් දෙදෙනා අපයෝජනය කළ බව කියන පුද්ගලයකු පිළිබඳව ලැබූ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව බේරුවල පොලිසිය පවසයි. 12 August 2020
මත්කුඩු - ගිනි අවියක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට මීගොඩ ප්‍රදේශ දෙකකින් සිදු කළ වැටලීම් දෙකකින් ලක්ෂ 4 කට ආසන්න මත්කුඩු සහ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි . 12 August 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025