අනතුරකින් අයෙක් මරුට
ගාල්ල කරාපිටිය අනගාරික ධර්මපාල මාවතේදී ඊයේ (14) රාත්රී 12 ට පමණ යතුරුපැදියක ගමන් කරමින් සිටි දෙදෙනෙකුගේ යතුරුපැදිය ඊට විරුද්ධ දිසාවෙන් පැමිණි ජංගම දොඹකර රථයක ගැටීමෙන් වූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් පිටුපසින් ගමන් කළ තැනැත්තා බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලීසිය කියයි.