IMG-LOGO

නිධානයකින් ගත්තැයි කියා ලක්ෂ 10 කට ව්‍යාජ මැණික් විකුණන්න හදලා

(ක.ග කරුණාරත්න)

නිධානයකින් ලබාගත් වටිනා මැණික් ගල් බව පවසා ව්‍යාජ මැණික් ගල් 03ක් දිඹුලාගල ප්‍රදේශයේ පදිංචි මවකට සහ ඇගේ දියණියකට රුපියල් ලක්‍ෂ 10ක මුදලකට විකිණීමට සූදානම් වෙද්දී  දේවාලයක කපුවෙකු බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙකු එම ව්‍යාජ මැණික් ගල්  සමඟ අද (16) අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි.

සැකකරුවන් පොළොන්නරුව, නවනගරය, අක්කර 500 සහ දිඹුලාගල සොරිවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළිවී ඇත.

මෙම ජාවාරමේ මහ මොළකරු වන පොළොන්නරුව,අක්කර 500 පදිංචි සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු බවද අනාවරණයවී තිබේ.
මේ අතර කපුවා දිඹුලාගල සොරිවිල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන අයෙකු බවද පොලීසිය පැවැසීය.

මෙම ජාවාරමට අදාලව අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්‍ෂ 05ක මුදලක් සැකකරුවන් දෙදෙනා විසින් එම මව සහ දියණියගෙන් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණයවූ බව පොලීසිය සඳහන් කළේය.

මෙම සැකරුවන් විසින් මීට පෙර මෙවැනි ජාවාරම් සිදුකර ඇතිද යන්න සොයා බලන බවද පොලීසිය පැවැසීය. අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
 



අදහස් (0)

නිධානයකින් ගත්තැයි කියා ලක්ෂ 10 කට ව්‍යාජ මැණික් විකුණන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 518 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site