
(පාලිත ආරියවංශ සහ විමුක්ති සංජය පෙරේරා)
හාලිඇළ උඩුවර හෙළවැල්ගොල්ලේ ඉඩමක නිධන් හෑරීමේ අරමුණින් කැණීම් කළැයි සැකපිට හාලිඇළ පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද(12) නියෝග කළේය.
වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන මෙම සැකකරුවන්ගෙන් දෙදෙනෙකු ස්ප්‍රිංවැලි පදිංචිකරුවන් වන අතර තිදෙනෙකු උඩුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
මෙම පිරිස ඊයේ(11) පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
කැණීම කළ ස්ථානයේ ගලක ඇත්අඩියක සලකුණ තිබූ බව පැවසෙතත් අඩි 17 ක් ගැඹුරට කැනීම් කර තිබූ බැවින් එය සනාථ කර ගත නොහැකිවූ බවත් ස්ථානය නිශ්චය කර ගැනීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ලබාගන්නා බවත් පොලිසිය සඳහන් කළේය. එම ස්ථානයේ තිබී අලවංගු, උදලු, ඇතුලු උපකරණ ද පොලිසිය බාරයට ගෙන තිබේ.
පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd