
(ක.ග.කරුණාරත්න)
නිවාඩු ලබා ගෙදර යමින් සිටි යුද හමුදා සෙබළෙකු ඔහු පදවාගෙන ගිය යතුරු පැදිය අද(13) දිඹුලාගල, දළුකාන වැව අසලදී බෝක්කුවක වැදී අනතුරකට ලක්වී වැවට වැටී මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ නොච්චියාගම ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක සේවය ක ඉංජිනේරු බළකායේ සෙබළෙකු වන අම්පාර,ගල්මඩුව,එරගම පාර අංක1/98 ලිපිනයේ පදිංචි දිසානාය කළ මුදියන්සේලාගේ අමිල අමල් දිසානායක(24)යන අය බවට හඳුනාගෙන ඇතැයි පරීක්‍ෂණ සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
මෙම යුද හමුදා සෙබළා නිවාඩු ලබාගෙන සිය නිවෙසට යාම සඳහා සේවය කරන හමුදා කඳවුරෙන් පිටත්ව පැමිණ ඇත්තේ ඊයේ (12) පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
මෙම මරණය සම්බන්‍ධයෙන් මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අද පැවැත්වීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය. අරලගංවිල මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි .


( ඡයාරූප - නිමල් ජයරත්න )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd