
(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය ප්‍රදේශයේ හෙරොයින් සහ කේරල ගංජා අලෙවි කිරිමේ ජාවාරමක නිතරව සිටි තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසයි.
නාවලපිටිය පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත නාවලපිටිය හොල්ගම ගල්කුරිය සහ නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ දී අලෙවි කිරිමට සුදානම් කර තිබූ හෙරොයින් සහ කේරල ගංජා සමඟ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 530 ක් සහ කේරල ගංජා ග්‍රෑම් 430 ක් ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවු 25-35 අතර වයස් කාණ්ඩවල පසුවන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.