
(ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය මූලස්ථාන පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තු කරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය අද 13 දා පැවසීය.
නිකවැරටිය පොලිස් වසමේ පදිංචි මෙම වරෙන්තු කරුවන් විවිධ නඩු වෙනුවෙන් අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන්,මෙම සැකකරුවන්ට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි .
මෙම සැකකරුවන් සියලු දෙනා නිකවැරටිය අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද නිකවැරටිය මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd