(ක.ග.කරුණාරත්න)
අරලගංවිල පොලිස් වසමේ කළ විශේෂ මෙහෙයුමකදී අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර සිටි වරෙන්තුකරුවන් 5දෙනෙකු ඇතුළු විවිධ වැරදි සම්බන්‍ධයෙන්වූ සැකකරුවන් 14 දෙනෙකු අද(12) අත්අඩංගුවට ගත්බව අරලගංවිල පොලීසිය කියයි.
අරලගංවිල සහ ඒ අවට ප්‍රදේශවලට කේරළ ගංජා බෙදාහැරීමේ ජාවාරමකට සම්බන්‍ධ බව කියන අයෙකු කේරළ ගංජා ග්‍රෑම් 250ක්ද සමඟ අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කළේය. ඊට අමතරව කසිප්පු ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 04 දෙනෙකු සහ බීමත් රියැදුරන් තිදෙනෙකුද වන බව කියති.
පොලිස් අත් අඩංගුවට පත් සැකකරුවන් සියලුම දෙනා අරලගංවිල පොලිස් බල ප්‍රදේශය තුල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
මෙම සැකකරුවන් අද දිනයේ (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
වරෙන්තුකරුවෝ 5ක් සමඟ 14ක් අරලංගවිලදී දැලේ