අලියකු පහර දී පුද්ගලයෙක් මරුට ගිරිතලේ බකමූණ මාර්ගයේ දියබෙදුම ගල්වාන පාලම අසලදී අද(21)අලුයම පාපැදියෙකින් ගමන් කරමින් සිටි 80හැවිරිදි පුද්ගලයෙකුට වන අලියෙකු පහරදීමෙන් එම ස්ථානයේදීම මරුමුවට පත්වී ඇතැයි දියබෙදුම පොලීසිය කියයි. 21 August 2020
බලන්ගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙකුට පහරදීලා බලන්ගොඩ මස්සැන්න ප්‍රදේශයේ දි පුද්ගලයෙකු විසින් පහර දිම හේතුවෙන් බලන්ගොඩ පොලිස් ස්ථානයට අනියුත්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අද(21) බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි. 21 August 2020
විල්ගමුව ගොඩඋල්පත රක්ෂිතයේ ගින්නක් විල්ගමුව ගොඩඋල්පත රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් අද (20) ගිනි තබා ඇති බව වන සංරක්ෂණ නිලධාරීහු පැවසූහ. 20 August 2020
සහල් යොදා කුකුළු ආහාර නිපදවූ නිෂ්පාදන ආයතනයක් වටලයි කුකුළු ආහාර නිපදවීම සඳහා මිනිස් පරිභෝජනයට සුදුසු අනර්ඝ තත්වයේ සහල් තොගයක් භාවිත කළ, කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදන ආයතනයක් වටලා සහල් කිලෝ 3300ක් අද(20) සිය බාරයට ගත් බව කුරුණෑගල දිසා පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් නිලධාරීහු පැවසූහ. 20 August 2020
හෙරොයින්-මාවා සමඟ 5ක් කල්අඩියේදී අත්අඩංගුවට පුත්තලම කල්අඩිය ප්‍රදේශයේදී හෙරොයින්, මාවා හා රුපියල් 60,000කට ආසන්න මුදලක් සමග සැකකරුවන් 5දෙනෙකු අත්අඩංගුවට ගත් බව අද(20) පොලිසිය පවසයි. 20 August 2020
හිටපු පොලිස් කොස්තාපල් මත්කුඩු සමඟ දැලේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු සමඟ අද(20) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි. 20 August 2020
වැලිකන්ද රජයේ රක්ෂිත ඉඩමක නිධන් හාරලා වැලිකන්ද, සිංහපුර, පැරකුම්යාය ප්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිත ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(20) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි. 20 August 2020
අ’පුරේ මී උණ වැඩි වෙයි අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා මී උණ රෝගීන් 170 ක් හමුවි ඇති බවත් ඉන් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද (20) පැවසිය. 20 August 2020
තහනම් පිහි සමඟ 7ක් දැලේ ඌවපරණගම නහකඩිය හන්දියේදි සිදුකළ වාහන පරීක්ෂාවකදි තහනම් පිහි වර්ග 05ක්, ගංජා මිලිග්‍රෑම් 1060ක්, නිධන් හෑරීමට ගන්න පුජා භාණ්ඩ සමඟ පුද්ගලයන් 7කු අත්අඩංගුවට ගත් බව ඌවපරණගම පොලිසිය පවසයි. 20 August 2020
නිපුණතා සංවර්ධන ඇමැතිනී ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (19) රත්මලාන පිහිටි ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත් වූවාය. 19 August 2020
පිළිකාකාරක ශරීර ආලේපන වර්ග රැසක් පුත්තලමේදි අත්අඩංගුවට කිසිදු වගකීමක් නොමැති නිෂ්පාදිතයා හෝ බෙදාහරින්නා සඳහන් නොකළ පිළිකා කාරක සහිත මුහුණු හා සම අලේපන ඇසුරුම් දහසකට ආසන්න ප්‍රමාණයක් පුත්තලම නගරයේ කාන්තා රුපලාවන්‍ය දෑ අලෙවි කරන ස්ථාන වටලා අද(19) අත්අඩංගුවට ගත් බව පුත්තලම පාරිභෝගික අධිකාරිය කියයි. 19 August 2020
පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවෙක් ගෙල වැල ලා ගනී මොරගහහේන පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇතැයි,මොරගහහේන පොලිසිය කියයි. 19 August 2020
කාත්තන්කුඩියේ ගින්නකින් ගොඩනැගිලි තුනක් විනාශයි කාත්තන්කුඩි පොලිස් වසමේ නාවට්කුඩා ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් ගොඩනැගිලි තුනක් සම්පුර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය පවසයි. 19 August 2020
පයාගල වැටලීමකින් ආයුධ සමඟ දෙදෙනකු අත්අඩංගුවට පයාගල මලේගොඩ ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී තියුණු ආයුධ හා , ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 19 August 2020
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ පුද්ගලයකු රිමාන්ඩ් බාලවයස්කාර පාසල් දැරියක දින දෙකක කාලයක් ලැගුම්හළක රඳවාගෙන අපයෝජනයට ලක් කළ ප්‍රධාන පුද්ගලයකු මස 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (19) දා නියෝග කළේය. 19 August 2020
ඒත්තාල කළපු තීරයේ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු කළ 15 ක් දැලේ කල්පිටිය ඒත්තාල කළපු තීරයේ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 15 දෙනෙකු,ඔවුන් භාවිතා කළ දැල් ආම්පන්න ද සමඟ අද (19 ) පෙරවරුවේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්යාලය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 19 August 2020
ගංජා පැළ 14ක් සමඟ අයෙක් අත්අඩංගුවට මහනුවර අංකුඹුර පොලිස් බල ප්‍රදේශයට අයත් එගොඩමුල්ල මැදඇළ ප්‍රදේශයේ නිවසක මල් ගස් අතර වවා තිබූ ගංජා පැළ සමඟ සැකකරුවකු අද (18) අත්අඩංගුවට ගත් බව අංකුඹුර පොලිසිය කියයි. 18 August 2020
රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරු මරුට බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදී මියගිය බව බුලත්සිංහල පොලිසිය කියයි. 18 August 2020
නතර කළ ගල්කොරිය යළි ඇරඹීමට විරෝධය හබරණ මොරගස්වැව උදාකල ගම්මානයේ පිහිටි වැඩ නතර කළ ගල් කොරියක් නැවත ආරම්භ කිරීමට උපකාර කරනවා යැයි පවසමින් ගල් කොරියේ හිමිකරුට හා හබරණ පොලීසියේ ස්ථානාධිපතිට විරුද්ධව ප්‍රදේශවාසීහු සාමාකාමි විරෝධතාවක් ගල් කොරිය ඉදිරිපිට පැවැත්වූහ. 18 August 2020
මුදුනේගම වැවක තිබූ පීඩන බෝම්බය නිෂ්ක්‍රීය කරයි මුදුනේගම පාසල ආසන්නයේ පිහිටි දිය සිදි ගිය කුඩා වැවක තිබී හමු වූ පීඩන බෝම්බය අද (18) නිෂ්ක්‍රීය කළ බව තඹුත්තේගම පොලිසිය කියයි. 18 August 2020
පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් - කඩල තොගයක් සොයාගනී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් සහ කඩල තොගයක් ගල්ගමුව උස්ගල සියඹලන්ගමුව ප්‍රදේශයේ නිවසක ගබඩාකර තිබියදී අද (17) අත්අඩංගුවට ගත්බව ගල්ගමුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි. 17 August 2020
හෙරොයින් සමඟ කාන්තාවක් පන්නිපිටියේදී අත්අඩංගුවට පන්නිපිටිය කැන්දහේන වත්ත ප්‍රදේශයේ වෑන් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කිරීමට සූදානමින් සිටි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 22 ක් සමඟ අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. 17 August 2020
බඹරකිරිඇල්ලේ දිය නෑමට තරුණයෙක් දියේ ගිලී මරුට මිතුරන් සමඟ රත්තොට බඹරකිරිඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අද (17) දියේ ගිලී මිය ගොස් ඇති බව රත්තොට පොලිසිය කියයි. 17 August 2020
බස්රථයට යටවී පුද්ගලයකු මරුට නුවරඑළිය බස්නැවතුම්පොළ තුළ දී ලංගම බස්රථයක ගැටීමෙන් අද (17) පස්වරුවේ පුද්ගලයකු මිය ගිය බව නුවරඑළිය පොලිසිය පවසයි. 17 August 2020
ගාල්ලේ රැඳවුම් ළමා නිවාසයක ළමුන්ට නොසළකන බවට පැමිණිල්ලක් ගාල්ල කිතුලම්පිටිය රැඳවුම් ළමා නිවාසයේ රඳවා සිටින ළමයින්ගේ සුබ සාධන කටයුතු පාලකවරයා නිසි පරිදි සිදුනොකරන බවට ළමා නිවාසයේ සේවකයෙකු විසින් පැමිණිලි කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 17 August 2020
මින්නේරිය පාළුවැව රක්ෂිතයේ ගින්නක් කවුඩුල්ල සහ මින්නේරිය ජාතික උද්‍යාන මායිම්ව පිහිටි පාළුවැව රක්ෂිතයට කිසියම් අයෙකු ගිනි තැබීමෙන් අක්කර 12ක් පමණ ගින්නෙන් විනාශ වූ බවත් ජාතික උද්‍යානවලට ගින්න පැතිර යෑම වැළැක්වීමට පැය ගණනක් දැඩි වෙහෙසක් දරා නිවා දැමිමට හැකි වූ බව හිගුරක්ගොඩ පොලිසිය කියයි. 17 August 2020
දුම්රියේ ගැටී ලොරි රියදුරු මරුට මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියේ කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයකු මිය ගිය බව කල්කුඩා පොලිසිය පවසයි. 17 August 2020
ගින්නකින් වතු නිවාස 14 ක් විනාශයි වැලිමඩ වර්වික්වත්ත මාර්ටින් කොටසේ වතු නිවාස පේළියක අද (17) උදෑසන ඇතිවූ හදිසි ගින්නකින් එම වතු නිවාස පේළියේ අංක හත ලැයිමේ තිබූ වතු නිවාස 14 ක් පමණ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලීසිය කියයි. 17 August 2020
මරණ දඬුවම නියමව දසවසරක් සැඟව සිටි අයෙක් අත්අඩංගුවට මරණ දඬුවම නියමව දස වසරක් තිස්සේ සැඟව සිටි පුද්ගලයෙක් බණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි . 16 August 2020
රක්ෂිතයකට ගිනිතැබී යැයි කාන්තාවක් අත්අඩංගුවට හල්දුම්මුල්ල කදු වැටියේ රජයේ ෆයිනස් වගාව ට ගිනි තැබූ බවට සැකපිට කාන්තාවක් අද (16) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි . 16 August 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025