
(සමන් පාලිත නානායක්කාර )
හල්දුම්මුල්ල කදු වැටියේ රජයේ ෆයිනස් වගාව ට ගිනි තැබූ බවට සැකපිට කාන්තාවක් අද (16) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි .
ගිනිගත් කදු වැටිය මායිමේ පදිංචි කන්තාවක් මෙලස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගින්නෙන් හල්දුම්මුල්ල කදු වැටියේ අක්කර 10 ක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබේ. කදු වැටිය හරහා යොදා තිබූ ජල නල පද්ධති කිහිපයක් ද මෙම ගින්නෙන් විනාශ විය.
අලුයම 1.00 පමණ සිට පැවති ගින්න බීට්ටු වන නිලඩරිහු පොලිසිය හා ප්‍රදේශවාසිහු එක්ව දඩි පරිශ්‍රමයක් දරා නිවා දැමූහ.
අත්අඩංගුවට ගත් සැකකාරිය බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හපුතලේ අඩවි වන නිලධාරී පියල් පෙරේරා බීට්ටු වන නිලධාරී එස් කේ රන්ජිත් යන මහත්වරුන් හල්දුම්මුල්ල පොලිසිය එක්ව පරීක්ෂන පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd