IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බස්රථයට යටවී පුද්ගලයකු මරුට

(රංජිත් රාජපක්ෂ)                       

නුවරඑළිය බස්නැවතුම්පොළ තුළ දී ලංගම බස්රථයක ගැටීමෙන් අද (17) පස්වරුවේ පුද්ගලයකු මිය ගිය බව නුවරඑළිය පොලිසිය පවසයි.

නුවරඑළිය ලංගම ඩිපෝවේ සිට නුවරඑලිය උඩුපුස්සැල්ලාව දක්වා බස් රථය සිය ගමන් වාරය ආරම්භ කිරිම සඳහා නුවරඑළිය බස් නැවතුම්පොළට ඇතුළු කළ  අවස්ථාවේ බස් නැවතුම්පොළ හරහා මාර්ගය මාරු වීමට ගිය මගියකු මෙලෙස අනතුරට පත් ව තිබේ.

ලංගම බස් රථයේ ගැටී ඉදිරිපස රෝදය මගියාගේ හිස මත ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයාගේ අන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව පොලිසිය පවසයි.

අනතුරට පත් බස් රථය සහ රියදුරු නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

බස්රථයට යටවී පුද්ගලයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site