IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වැලිකන්ද රජයේ රක්ෂිත ඉඩමක නිධන් හාරලා

(ක.ග.කරුණාරත්න)
 
වැලිකන්ද, සිංහපුර, පැරකුම්යාය ප්‍රදේශයේ පිහිටි රජයේ රක්‍ෂිත ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(20) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි.
 
සැකකරුවන් දිඹුලාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
 
පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර ඇති අතර නිධන් හෑරීමට යොදා ගන්නා ලද උපකරණද පොලීසිය බාරයට ගෙන තිබේ.
 
අඩි 8ක් පමණ ගැඹුරැති, අඩි 6ක් පමණ දිගින් සහ අඩි 4ක් පමණ පළලින් යුත් විශාල වළක් හාරා තිබෙන බවත් එහි අතුරා තිබූ ගල් තට්ටු සැකකරුවන් ගොඩදමා තිබූ බවත් පොලීසිය කීය.
 
පුරාවස්තු සෙවීමේ අරමුණින් කර තිබෙන මෙම නීතිවිරෝධී කැණීමට තවත් පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්‍ධ වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බවද විමර්ශන කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.

 



අදහස් (0)

වැලිකන්ද රජයේ රක්ෂිත ඉඩමක නිධන් හාරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site