IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හෙරොයින්-මාවා සමඟ 5ක් කල්අඩියේදී අත්අඩංගුවට

(ඡායාරූප - හිරාන් ප්‍රියකංර)

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්.චන්දන)
 
පුත්තලම කල්අඩිය ප්‍රදේශයේදී හෙරොයින්, මාවා හා රුපියල් 60,000කට ආසන්න මුදලක් සමග සැකකරුවන් 5දෙනෙකු අත්අඩංගුවට ගත් බව අද(20) පොලිසිය පවසයි.
 

අත්අඩංගුවට ගෙන තිබුණේ පුත්තලම, කල්අඩිය හා මීගමුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් 5දෙනෙකි.
 
පුත්තලම මූලස්ථාන පොලිසියේ බුද්ධි අංශ නිලධාරින් ලද තොරතුරක් මත,  පොලීසියේ සුනඛ ඒකකයේ ‘සැන්ඩ්‍රා’ සුනඛයාව යොදා ගනිමින් මෙම වැටලීම කර තිබුණි.
 
අදාල වැටලීමේදී රුපියල් 65,000කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 4යි මිලි ග්‍රෑම් 200ට ආසන්න ප්‍රමාණයක්ද, රුපියල් 20,000ට ආසන්න වටිනාකමකින් යුත් මාවා සැකසීමට යොදා ගන්නා දුංකොළ පැකට් දෙකක් ද, හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදා ගත් යතුරුපැදියක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (21)  පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)

(ඡායාරූප - එච්. චන්දන)



අදහස් (0)

හෙරොයින්-මාවා සමඟ 5ක් කල්අඩියේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site