
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇතැයි, මොරගහහේන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ නුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පමණ පුද්ගලයෙකි.
ස්ත්‍රී දූෂණයක් සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගෙන, රඳවා තිබියදී රෙදිපටි කිහිපයක් යොදාගෙන ඔහු දිවි නසාගෙන ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.