හඳුනා නොගත් කෘමියකුගෙන් ධාන්‍ය වගාවලට හානි හඳුනා නොගත් කෘමියකු විසින් තම ගෙවතුවල වගාකර ඇති කව්පි, මුං වැනි ධාන්‍ය වර්ගවලට හානි සිදුකිරිමෙන් තමන් එම වගාවන් අතහැර දැමූ බව අනුරාධපුර, යහලේගම ගොවිහු පවසති. 11 August 2020
නිවාඩු නිකේතනයක මුවාවෙන් ගණිකා මධ්‍යස්ථානයක් කළ 4 ක් රිමාන්ඩ් නිවාඩු නිකේතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක සිටි තරුණියන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනකු මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් බී.එම්. චන්ද්‍රසේකර මහතා අද (11) නියෝග කළේය. 11 August 2020
පොලිස් ජීප්රිය ප්‍රපාතයට පෙරැළෙයි බදුල්ල පොලිසියට අයත් පොලිස් ජිප්රථයක් අද (11) දහවල් කැන්දගොල්ල ගොවිපල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරැළී අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පොලිස් නිලධාරින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි. 11 August 2020
ලක්ෂ 3 ක වෙනිවැල්ගැට තොගයක් සමඟ පුද්ගයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා වෙනිවැල් ගැට තොගයක් ලොරියකින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ හොර රහසේ ප්‍රවාහනය කිරීමට සූදානම් වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි . 11 August 2020
හෙරොයින් සමඟ කතක් අල්ලයි කිරුළපන පැරණි වෙළඳ සංකීර්ණය අසල පදික වේදිකාවේ ජංගම වෙළෙඳ කුටියක් තුළ කොස් වෙළඳාමේ නිරත වන මුවාවෙන්, හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100 ක් තිසර පටය තුළ සගවා ගෙන සිටි කාන්තාවක් අද (11) අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි . 11 August 2020
හඳුනානොගත් රෝගයකින් මාතලේ තාක්කාලි වගා විනාශයට හඳුනානොගත් රෝගයක් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ තක්කාලි වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ අවදානමකට ලක්ව ඇතැයි තක්කාලි ගොවීහු පවසති. 11 August 2020
කපා කොටා මරා දැමූ අයෙකුගේ සිරුරක් මහමග කපා කොටා මරා දමා තිබූ පුද්ගලයකුගේ සිරුර බෝගොඩ එගොඩවත්ත දොරවක කුඹුර ගමමැද පාරේ තිබියදී සොයාගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 11 August 2020
ලිඳුල වතුයායක ගින්නකින් වතු නිවාස 24ක් ගිනිබත් වෙයි ලිඳුල පොලිස් වසමට අයත්, බඹරගල තේ වතුයායේ, මැද කොටසේ වතු නිවාස පේළියක ඇතිවූ හදිසි ගින්නකින් නිවාස 24 ක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව ලිඳුල පොලීසිය පවසයි. 11 August 2020
බලන්ගොඩ ගණිකා නිවාසයක් වටලයි බලන්ගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනෙකු අද (10) අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. 10 August 2020
තලවකැලේ - ග්‍රේට්වෙස්ටන් මාර්ගය නායයයි තලවකැලේ සිට වංගිඔය වත්ත හරහා රදැල්ල නානුඔය දක්වා වැටී ඇති වතු මාර්ගය අද (10) අලුයම නායයාමක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට ඇතැයි වතු කම්කරුවෝ කියති. 10 August 2020
දැඩි සුළඟින් බලන්ගොඩ නිවාස 9 කට හානි-39ක් පීඩාවට බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්වය හේතුවෙන් නිවාස 9 කට හානි වී පුද්ගලයින් 39 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. 10 August 2020
හලාවත මුහුදේ සැකකටයුතු යාත්‍රාවක් පාවෙයි හලාවත උඩප්පුව ධීවර ගම්මානයට ඈතින් බටහිර මහ මුහුදෙහි සැකකටයුතු ලෙසින් කිසියම් යාත්‍රාවක් පාවෙමින් ඇති බවට තොරතුරු රැසක් ලද බව උඩප්පුව පොලිසිය කියයි. 10 August 2020
ගිනි අවි සමඟ දෙදෙනෙකු මතුගම දී අත්අඩංගුවට මතුගම යටදොල ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමග අද(10) සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මතුගම නොවිසඳුණු පොලිස් අපරාධ විමර්ශන ඒකකය පවසයි. 10 August 2020
දුම්රිය මාර්ගයෙන් පුද්ගලයකුගේ සිරුරක් හමුවෙයි මහනුවර මාතලේ දුම්රිය මාර්ගයේ කටුගස්තොට දුම්රිය ස්ථානයට මීටර් 100 ක් පමණ දුරින් දුම්රිය මාර්ගය මැද වැටී මිය ගොස් සිටි අවුරුදු 50 ක් වන පුද්ගලයකුගේ සිරුරක් අද (10) සොයා ගත් බව පොලිසිය පවසයි. 10 August 2020
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘතවේ ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රියව විවෘත වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පවසති. 10 August 2020
අලියෙක් පහරදී පුද්ගලයෙකු මරුට වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව මහකුඹුක්කඩවල පොලීසිය කියයි. 10 August 2020
නානුඔය සමර්සෙට් වතුයායේ නාය අවදානමකින් පවුල් 7 ක් ඉවතට මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නානුඔය සමර්සෙට් වතුයායේ නායයාමක් හේතුවෙන් නිවාස හතක එහි තිස් දෙදෙනකු (32) එම නිවාස වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. 09 August 2020
කොවිඩ් අරමුදලට විදේශ සබඳතා අමාත්‍යංශ සේවකයින්ගෙන් මුදල් ආධාර ‘ඉටුකම’ කොවිඩ්-19 අරමුදල සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය තවදුරටත් දායකවෙමින් විදේශ සබඳතා අමාත්‍යාංශයේ සේවක පිරිසක් විසින් රැස් කළ රුපියල් 111,800 ක මුදලක් හිටපු විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත බාර දෙන ලදී. 09 August 2020
සෙල්ලම් පිස්තෝලයක්-හෙරොයින් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට අලුත්ගම , කනාන ප්‍රදේශයේ දීර්ඝ කලක පටන් සිදු කරන ලද හෙරොයින් සහ නීති විරෝධි මත් පැන් අලෙවි කිරීමේ ජාවාරමක් වටලා පුද්ගලයෙක් සමඟ භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. 09 August 2020
රිය අනතුරකින් අයෙක් මරුට වීරකැටිය පොලිස් වසමේ කටුවැව ප්‍රදේශයේදී අද (08) සවස සිදුවූ රිය අනතුරකින් තිදරු පියෙකු මිය ගොස් ඇති බව වීරකැටිය පොලීසිය පවසයි. 08 August 2020
කන්දකැටියේ නිදන් හැරූ 11 දෙනා යළි රිමාන්ඩ් කන්දකැටිය උල්පතගම අඹගහවත්ත කුඹූරුයායේ ගල්තලාවක නිධානයක් හාරමින් සිටියදී කන්දකැටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 11 දෙනාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ බදුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා ඔවුන් සියලුදෙනා මෙම මස 19 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (07) නියෝග කළේය. 07 August 2020
බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ අයෙක් රිමාන්ඩ් බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සහ තවත් බාලවයස්කාර දැරියක් ලිංගික අපහරණයට ලක් කිරීම ඇතුළු සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් අද (07) බදුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් තරුණයකු මෙම මස 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා නියෝග කළේය. 07 August 2020
වසර 26 කට පසු බලන්ගොඩට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී වසර 26 කට පසු බලන්ගොඩ ආසනයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තේරී පත්විය. 07 August 2020
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අඩි දෙක බැගින් අද (07) විවෘත කර ඇති බව පොල්ගොල්ල ජලාශය භාර විධායක ඉංජිනේරු කාර්යාලය කියයි. 07 August 2020
එක් දරු මවකගේ මළ සිරුරක් නිවසක තිබී හමුවෙයි මාකූර අඹේපුස්ස ප්‍රදේශයේ නිවසක තිබී 73 හැවිරිදි එක්දරු මවකගේ මළ සිරුරක් අද (06) සොයාගත් බව මිරිගම පොලිසිය කියයි. 06 August 2020
අ’පුරේ ගෙවල් වලට වල් අලි කඩා වදිති අනුරාධපුර නගරයේ තුන්වන පියවරට අද (6) උදැසන සද්ධන්ත වන අලියන් දෙදෙනෙකු පැමිණිම හේතුවෙන් ප්‍රදේශවාසින් දැඩි නොසුන්සුන් තත්වයට පත්විය. 06 August 2020
පුත්තලමේ ප්‍රා.ලේ.කොට්ඨාස 5ක 397ක් අවතැන් පුත්තලම දිසාව තුළ බලපවත්නා දේශගුණික තත්ත්වය තුළ අද (6) පස්වරුව වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක පවුල් 98ක පුද්ගලයින් 397 දෙනෙකු අවතැන් වී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 06 August 2020
යටත්තාවල කාණුවක් අසළ සිරුරක් පොල්ගහවෙල-කෑගල්ල ප්‍රධාන මාර්ගයේ යටත්තාවල ප්‍රදේශයේ මාර්ගය අසළ කාණුවක තිබියදී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (06) සොයාගත් බව කෑගල්ල පොලිසිය පවසයි. 06 August 2020
යාපනයේ නිවසක ගින්නකින් කාන්තාවක් මරුට යාපනය තිරුණවේලි ප්‍රදේශයේ නිවසක අද (6) උදෑසන ඇති වූ ගින්නකින් කාන්තාවක් මිය ගිය බව පොලිසිය පවසයි. 06 August 2020
පොහොට්ටුවේ අපේක්ෂකයකුගේ ජීප් රියට පහර දෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණී වලේබොඩ මහතාට අයත් ජීප් රථයකට රත්නපුර රක්වාන ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් අද (5) සවස පහරදී ඇති බව පොලිසිය පවසයි. 05 August 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025