
(නිශාන්ත කුමාර)
බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සහ තවත් බාලවයස්කාර දැරියක් ලිංගික අපහරණයට ලක් කිරීම ඇතුළු සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් අද (07) බදුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් තරුණයකු මෙම මස 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කන්දකැටිය කරමැටිය ගම්මානයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.
වයස අවුරුදු 14 ක දැරියකට ලිංගික අතවර කිරිම, පොලිස් අත්අඩංගුවෙන් පැන යෑමට උත්සාහ දැරීම හා යතුරු පැදියක් සොරා ගැනීම යන සිද්ධීන් තුනක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි මෙම තරුණයා අද (07) දින තවත් 14 හැවිරිදි දැරියක් ලිංගික අපහරණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන මෙලෙස බදුල්ල අධීකරණය වෙත ඉදිරිපත්කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd