
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අඩි දෙක බැගින් අද (07) විවෘත කර ඇති බව පොල්ගොල්ල ජලාශය භාර විධායක ඉංජිනේරු කාර්යාලය කියයි.
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් සහ ඉදිරියේදී ජල ධාරිතාවය වැඩි විය හැකි බැවින් ජලාශයට පහළ ප්‍රදේශවල පදිංචි මහවැලි ගඟ භාවිතා කරන පිරිස් අවධානයෙන් සිටිය යුතු බව පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd