
(මොහොමඩ් ආසික්)
මහනුවර මාතලේ දුම්රිය මාර්ගයේ කටුගස්තොට දුම්රිය ස්ථානයට මීටර් 100 ක් පමණ දුරින් දුම්රිය මාර්ගය මැද වැටී මිය ගොස් සිටි අවුරුදු 50 ක් වන පුද්ගලයකුගේ සිරුරක් අද (10) සොයා ගත් බව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කටුගස්තොට දුම්රිය පොළ පාරේ පදිංචිව සිටි මනෝජ් දේශප්‍රිය පෙරේරා නැමැති 50 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීමේදී මෙම පුද්ගලයා දුම්රිය මාර්ගය මැද වැටී මිය ගොස් සිටින අයුරු දැක පොලිසියට දැන්වීමෙන් පසුව වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.
කෙසේ නමුත් මෙම ස්ථානයේ කරනු ලැබූ මූලික පරීක්ෂණ අනුව මොහු දුම්රියක ගැටී විසිවී දුම්රිය මාර්ගය මැද වැටී මිය යන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd