(තුසිත කුමාර ද සිල්වා )
අලුත්ගම , කනාන ප්‍රදේශයේ දීර්ඝ කලක පටන් සිදු කරන ලද හෙරොයින් සහ නීති විරෝධි මත් පැන් අලෙවි කිරීමේ ජාවාරමක් වටලා පුද්ගලයෙක් සමඟ භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
මෙම ජාවාරම කලක පටන් සිදු කර ඇති බව කියන "පව්ඩර් සුද්දා" යන නාමයෙන් හදුන්වන 43 හැවිරිදි සැකකරු සමඟ ප්‍රදේශවාසීන් බිය වැද්දවීමට යොදාගත් ප්ලාස්ටික් සෙල්ලම් පිස්තෝලයක් , හෙරොයින් ග්‍රෑම් දෙකක් හා මිලිග්‍රෑම් තුන්සිය හැටක් , නීති විරෝධි මත්පැන් මිලිලීටර 67500 අඩංගු කෑන් දෙකක් හා මිලිලීටර 750 වන බෝතල් දෙකක් , රුපියල් 39110 ක මුදල් නෝට්ටු , ඩිස්කවරි වර්ගයේ යතුරු පැදියක් , පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම සැකකරු වසර ගණනාවක් තිස්සේ මෙම ජාවාරම කැලෑව ආශ්‍රිතව සිදුකර ඇති බවත් ,ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගේ දෑත් තියුණු ආයුධයකින් වෙන් වන සේ කපා බන්ධනාගාර ගතව අධිකරණ කිහිපයක නඩු පවතින අයෙකු බවත් විශේෂ කාර්ය බලකා නිලධාරීහු සඳහන් කළහ.
සැකකරු උස අඩි පහකටත් අඩු අයෙකු බවත් ඔහුට ඕනෑම ස්ථානයකින් සූක්ෂමව රිංගායාමට හැකි බවත් සදහන් කරයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සෙල්ලම් පිස්තෝලයක්-හෙරොයින් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට