IMG-LOGO

නානුඔය සමර්සෙට් වතුයායේ නාය අවදානමකින් පවුල් 7 ක් ඉවතට

                                                                 
    (  සුදත් එච්. එම්. හේවා )  
 
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නානුඔය සමර්සෙට් වතුයායේ නායයාමක් හේතුවෙන් නිවාස හතක එහි තිස් දෙදෙනකු (32) එම නිවාස වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
 
දැනට දින ගණනාවක් පුරා මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (09 )  දින මෙම නාය යාම සිදුව ඇති බවත් එම තත්වයන් මත නිවාස හතක පදිංචිව සිට තිස් දෙදෙනකු ආරක්ෂාව සදහා එම නිවාස වලින් ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරන මධ්‍යස්ථාන නිලධාරියෙක්  සඳහන් කළේය.
 
 
මෙම නාය යාම හේතුවෙන් අවතැන්වු තිස් දෙදෙනා මේ වන විට ඔවුන්ගේ ඥාති හිත මිතුරන්ගේ නිවෙස්වල ගොස් ඇති බවත් ඔවුන් අවශ්‍ය පිසු ආහාර එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් සපයා දිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පැවසීය.
 
 
පවතින වැසි තත්වයන් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඇතැම් ස්ථානවල නාය යාමේ අවදානම් තත්වයන් පැවතිය හැකි බැවින් කඳු ආශ්‍රිතව සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවද එම නිලධාරියා තව දුරටත් සඳහන් කළේය.



අදහස් (0)

නානුඔය සමර්සෙට් වතුයායේ නාය අවදානමකින් පවුල් 7 ක් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site