නාවලපිටිය වැසි ජලයෙන් යටවේ මධ්‍යම කඳුකරයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් අද (01) ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය. 01 August 2020
වතුකම්කරුවන් පිරිසකට බඔර ප්‍රහාරයක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (01) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන් 14 දෙනෙකු දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. 01 August 2020
පරිභෝජනයට නුසුදුසු කසළ තේ අල්ලයි අම්බලන්ගොඩ සිට කොළඹ දක්වා ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ ග්‍රෑම් 6050 ක් එම රියදුරු සහ ලොරි රථය සමග අද (01) අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පැවසීය. 01 August 2020
හජ් ප්‍රධාන ආගමික යාඥාව ජුම්මා පල්ලියේදී අදට (01) යෙදී ඇති හජ් උත්සවය වෙනුවෙන් වතුකරයේ ඉස්ලාම් බැතිමතුන් උදෙසා ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදී එහි ප්‍රධාන පූජක එස්. මවුලවි පූජකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 01 August 2020
අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු වෘත්තිකයින්ට නිල රාජකාරී හැඳුනුම්පතක් ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු වෘත්තිකයින් වෙනුවෙන් නිල රාජකාරී හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 31 July 2020
බෙලිඅත්තේදී පෝස්ටර් ඇලවූ වෑන් රථයක් අත්අඩංගුවට මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ රුව, පක්ෂයේ ලාංඡනය සහ අංකය ප්‍රදර්ශනය වන පරිදි නීතිවිරෝධී අයුරින් පෝස්ටර් අලවා තිබූ වෑන් රථයක් සමඟ අද (31) දෙදෙනකු අත්අඩංගුවට ගත්බව බෙලිඅත්ත පොලිසිය කියයි. 31 July 2020
කොළඹ-මඩකලපුව දුම්රියේ ගැටී අලියෙක් නසී කොළඹ-මඩකලපුව සීඝ්‍රගාමී දුම්රියට කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ තලපත කන්ද ප්‍රදේශයේදී අද (31) වනඅලියකු ගැටී මියගොස් ඇතැයි කවුඩුල්ල ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීහු කියති. 31 July 2020
දැරියක අපයෝජනය කළැයි වසර 5කට පසු අත්හිටවු සිරදඬුවම් වැලිවේරිය පොලිස් වසමේදි බාල වයස්කාර දැරියක් බාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ අපයෝජනය කිරීම යන චෝදනා දෙකට වරද පිළිගත් විත්තිකරුවකුට බරපතළ වැඩඇතිව වසර 2ක සිර දඬුවම් නියම කළ ගම්පහ අංක 2, මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්.ඊර්සඩින් මහතා එම සිරදඬුවම වසර 10 කට අත්හිටුවන ලෙස අද (31)නියම කළේය. 31 July 2020
රක්ෂිතවලින් පැඟිරි-කුරුදු කපා ජාවාරමක යෙදුණු අයෙකුට දඩ රක්ෂිතවලින් පැඟිරි සහ කුරුදු කපා ජාවාරමක යෙදුණු පුද්ගලයෙකුට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (31) දා නියෝග කළේය. 31 July 2020
මීරිගම නිදහස් වෙළඳ කලාපයේ 100කට පීසීආර් පරීක්ෂණ මීරිගම ලෝලුවාගොඩ නිදහස් වෙළෙද කලාපයේ සේවය කරන අය අතරින් අහඹු ලෙස තෝරාගත් 100ක් දෙනා අද(31) කෝවිඩ්-19 රෝගය සම්බන්ධයෙන් පී.සී. ආර් පරීක්ෂණයට ලක් කළ බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 31 July 2020
වසර 4 කට පසු හිගුරක්ගොඩ සහල් සැකසුම් මධ්‍යස්ථානයේ වැඩ අරඹයි වසර 4කට පසු හිගුරක්ගොඩ සහල් සැකසුම් මධ්‍යස්ථානයේ සහල් නිෂ්පාදනය කිරිම අද (31) ආරම්භ කළ බව සමුපකාර තොග වෙළද සංස්ථාවේ(ස.තො.ස.) නියෝජ්‍ය සභාපති නිතීඥ තුෂාර දිසානායක මහතා පවසයි. 31 July 2020
පොළොන්නරුව බන්ධනාගාරයේ තාප්පයට උඩින් ගංජා පැකට් විසිකරයි පොලොන්නරුව බන්ධනාගාරයේ තාප්පයට උඩින් ගංජා පැකට් විසිකිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු එම ගංජා තොගයද සමඟ අද (30) අත්අඩංගුවට ගත්බව පොලොන්නරුව පොලිසිය කියයි. 30 July 2020
අකුරැස්ස-දෙනියාය ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටී ගමනාගමනය අඩාලයි අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ දෙනියාය අඩවිවන කාර්යාලය අසළ අද (30) වර්ෂාව හේතුවෙන් මාර්ගය හරහා ගසක් කඩා කඩා වැටී, වාහන ගමනාගමනය මුළුමනින්ම අඩාල වී එම ප්‍රදේශයට විදුලිය විසන්ධි වී ඇතැයි දෙනියාය පොලීසිය කියයි. 30 July 2020
මට්ටක්කුලියේ පුද්ගලයෙක් ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වූ මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (30) මරණ දඬුවම නියම කළේය. 30 July 2020
දුම්රියේ ගැටී අයෙක් මරුට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ දුම්රිය නැවතුම් පොළ ආසන්නයේදි අද (30) අයෙකු දුම්රියේ ගැටී මරුමුවට පත්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. 30 July 2020
බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ 15 ක් රෝහලේ නල්ලතන්නිය පොලිස් වසමට අයත්, මරේ තේ වතුයායේ වලදල කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (30) පස්වරුවේ එල්ල වූ බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතු කම්කරුවන් 12 දෙනෙකු මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ. 30 July 2020
ජල නලයක් පිපිරීමෙන් පාසල් තාප්පය පෙරැළෙයි නිකවැරටිය මහසෙන් ජාතික පාසල අසල මහව මාර්ගයේ අද (30) අලුයම ප්‍රධාන ජල නලයක් පිපිරී යාමෙන් පාසල් ඉදිරිපිට තාප්පය පෙරැළී ගොස් ක්‍රීඩා ගාරයකට ද හානි සිදුව ඇත. 30 July 2020
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හොරට ගස් කැපූ තිදෙනකු අත්අඩංගුවට මාදුරුඔය ජාතික වනයේ බුරුත ගස් හොරට කපා ගොන් බැදි ගැල් වලින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව වන ජීවි නිළධාරීන් කියයි. 30 July 2020
වැඩිකළ විශ්‍රාම වැටුප අහිමිකළාට විශ්‍රාමිකයෝ වීදි බසිති වැඩිකළ විශ්‍රාම වැටුප අහිමිකිරීමට විරෝධය දක්වමින් රජයේ විශ්‍රාමිකයෝ පිරිසක් අද(30) තංගල්ල නගරයේදී විරෝධතා පාගමනක් පැවැත්වූහ. 30 July 2020
හඳුනා නොගත් දිලීරයකින් ලූනූ අක්කර 150 ක් විනාශයි මොරගහකන්ද ජලාශය හේතුවෙන් අවතැන් පිරිස් පදිංචි වී සිටින මා ඔය - තෝරපිටිය ප්‍රදේශයේ මෙවර වගා කර ඇති ලොකු ලූනූ අක්කර 150 ක් පමණ හදුනානොගත් දිළිර රෝගයකින් විනාශ වෙමින් පවතින බව ගොවිහු පවසති. 30 July 2020
හමුදා ට්‍රක් රථයක් යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු මරුට අරලගංවිල අරුණපුර මාර්ගයේ කුඩාඔය පාලම අසලදී ගුවන් හමුදා ට්‍රක් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 30 July 2020
නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කළ තැනක් වටලයි නීති විරෝධී අයුරින් රජයේ මත්පැන්වලට සමාන මත්පැන් නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක යෙදුණු පුද්ගලයින් 9 දෙනෙක් කළුතර හීනැටියන්ගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 29 July 2020
සැකකරුවෙකුගේ නිවසක තිබී පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිල හැඳුනුම්පතක් හමුවෙයි 2015 ජනාධිපති මැතිවරණයේ දී කොලොන්නාව උමගිලිය ක්‍රීඩා පිටියේ පැවති දේශපාලන රැස්වීමකට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු තලංගම පොලිසියේ කොස්තාපල් රියදුරෙකුගේ නිල හැඳුනුම්පතක් සමඟ අත්අඩංගුවට ගත්බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 29 July 2020
ලක්ෂ 60 මත්කුඩු පිළියන්දලින් හමුවෙයි පිළියන්දල බෝකුන්දර පාසල් මාවතේ පිහිටි කුලී නිවස පිටුපස වළ දමා තිබූ රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා මත්කුඩු තොගයක් සොයා ගත්බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. 29 July 2020
මහමෝදර කලපුවේ දිනෑමට ගිය අයෙක් මරුට ගාල්ල මහමෝදර කලපුවේ මිතුරන් සමඟ දිය නෑමට ගිය පුද්ගලයෙකු අද (29) දියේ ගිලි මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 29 July 2020
ගොඩිගමුව ජනතාව මීරිගම මීගමුව මාර්ගය අවහිර කර විරෝධතාවක ගොඩිගමුව ප්‍රදේශයේ ජනතාව වසර හතළිහකට වැඩි කාලයක් තිස්සේ පොදු කටයුතු සඳහා භාවිතා කළ සමිති ශාලා ගොඩනැගිල්ල වටා කිසියම් පුද්ගලයෙකු කම්බි ගසා අවහිර කර ඇතැයි චෝදනා කරමින් එම ගම්වාසීහු අද ( 29) සවස් වරුවේ මීරිගම මීගමුව මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක යෙදුණහ. 29 July 2020
වාරික නොගෙවූ ත්‍රීරෝද රිය පැහැර ගත් පුද්ගලයා අල්ලයි වාරික ගෙවීමට අතපසු වූ රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා ත්‍රීරෝද රථයක් බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ දී පැහැරගත් පුද්ගලයකු කොස්ගොඩ ඌරගහ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 29 July 2020
බිරිද ඝාතනය කළ සැමියා පොලීසියට බාර වෙයි කොම්පඤ්ඤ වීදිය ඩෝසන් වීදිය 31 වත්ත ප්‍රදේශයේ දී සැමියා විසින් බිරිදට පහර දී ගෙල මිරිකා ඝාතනය කර ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය කියයි 29 July 2020
මත්කුඩු සමඟ 6ක් දැලේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු, රජයේ සේවකයකු ඇතුලු 6දෙනෙකු මත්කුඩු සමග අද (29)සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසියේ වැටලීම් අංශය කියයි. 29 July 2020
වව්නියාවේ පා පැදි සොරකම් කළ දෙදෙනකු අත්අඩංගුවට වව්නියාව නගරයෙ විවිධ ස්ථානවලින් පාපැදි සොරකම් කර විකිණීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය පැවසීය. 29 July 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025