කොට්ටාවේ ආහාර අලෙවිසැල් 6 කට නඩු
මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කොට්ටාව නගරයේ දී (22) රාත්‍රී, සිදුකළ හදිසි ආහාර වැටලීමකදී ,සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර , මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ස්ථාන තිහක් වටලා ,ඉන් ස්ථාන අටකට රතු නිවේදන නිකුත් කර අලෙවිසැල් හයකට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .