පුත්තලම දුම්රිය හරස් පාරේ මරු කපොල්ලක් පුත්තලම පැරණි ළය රෝහල ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය යතුරු පැදි කරුවන්ට මෙන්ම පා පැදි කරුවන්ට මාරකයක් වි ඇති බව කියයි. 21 July 2020
රුපියල් 10 ට මුඛ ආවරණ සෙවීමෙන් බලපිටිය ප්‍රා.ස උණුසුම් වෙයි හිටපු විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රි ගාමිණි යසරත්න මහතා පමනක් අද (21) පැවති මාසික සභා රැස්වීමට මුඛ ආවරණ නොපැළද පැමිණීමත් සමඟම බලපිටිය ප්‍රාදේශීය සභාව උණුසුම් විය. 21 July 2020
මුදල් ඔට්ටුවට සූදු කෙළියේ යෙදුණු 10 ක් අත්අඩංගුවට කැස්බෑව තොරණවිල නිවසක් තුළ මුදල් ඔට්ටුවට සුදු කෙළිමින් සිටි පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 21 July 2020
අලියකු පහර දී කොටවෙහර පුද්ගලයෙක් මරුට නිකවැරටිය,කොටවෙහෙර , දොඩංගොල්ලේගම ප්‍රදේශයේ දී ,වල් අලියෙකු පහර දීමෙන් ,55 වියැති පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව කොටවෙහෙරට පොලීසිය අද( 21 )පැවසීය. 21 July 2020
කේරළ ගංජා ගෙනගිය හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට කිලිනොච්චියේ සිට දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයට මෝටර් රථයෙකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුලු සැකකරුවන් තිදෙනෙකු දිඹුලාගල දළුකාන වැවට ආසන්නයේ පිහිටි නාමල්පොකුණ ප්‍රදේශයේදී අද(21)අලුයම අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි. 21 July 2020
අලියකුගේ පහරදීමකින් අයෙක් මරුට සූරියවැව වැලිවැව දී වන අලියෙකු පහරදීම හේතුවෙන් ගොවියෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි සූරියවැව පොලිසිය පවසයි. 21 July 2020
පියා ඝාතනය කළ පුතා අත්අඩංගුවට ගන්නැයි නියෝග පල්ලමල, කලුකැළේ ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධයකින් ඇන බරපතල තුවාල සිදුකර තම පියා ඝාතනය කළ 17 හැවිරිදි පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරනලෙස ආණමඩුව මහේස්ත්‍රාත් දුලංගිකා ජයසිංහ මහත්මිය පොලීසියට අද(21) නියෝග කළේය. 21 July 2020
අකුණු සැර වැදී ධීවරයකු මරුට මීගමුව කුට්ටිදුව වෙරළේ දී අකුණු සැර වැදීමෙන් මියගිය ධීවරයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය අද (21) පවත්වන බව මිගමුව පොලිසිය පවසයි. 21 July 2020
බෙහෙත් එන්නත් කිරීමට යොදාගත් කටු සියල්ල වල් අලියා විනාශ කරදමයි තුවාල ලැබූ වල් අලියෙකුට කලාවැව් ඉස්මත්තේදී ප්‍රතිකාර කිරීමට වනජීවි නිලධාරීහු අද (20) කටයුතු කළ අතර එහිදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු එම වල් අලියා වනජීවි නිලධාරීන් බෙහෙත් එන්නත් කිරීමට යොදා ගත් එන්නත් කටු සියල්ල සපා කා විනාශ කර දැමූ බව වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා පැවසීය. 20 July 2020
වැලි ගොඩ දමන සමාගමකට එරෙහිව වේලිඔය දී විරෝධතාවයක් හම්බෙගමුව වැව අතුළු කුඩා වැව් 34 කට වාරි ජලය ලබාගන්නා වේලිඔය සහ කාල්කන් ඔය හමුවන ස්ථානයේ මීට වසර පහලොවකට පෙර තැනූ අමුණේ වැලි සොරොව්ව වසා දමා එහි එකතුවන වැලි පෞද්ගලික සමාගමකට ලබාදීමට එරෙහිව ගොවි සංවිධාන , වැලි ගොඩදමන්නන්, වැලි ප්‍රවාහනය කරන්නන් සහ සිවිල් සංවිධාන එක්ව අද (20) වේලිඔය දී විරෝධතාවයක නිරත වූහ. 20 July 2020
උතුරු මැද පළාතේ ගුරු හිගය වැඩි වෙයි මේවන විට උතුරු මැද පළාතේ ගුරු හිගය 2000ක් දක්වා වර්ධනය විමේ හේතුවෙන් පාසල් සිසුන්ගේ අධ්‍යාපනය බිදවැටි ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසිය. 20 July 2020
හම්බන්තොට දිස්ත්‍රීක්කයේ 30කගේ පීසීආර් සාම්පල ගනී හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් 30 දෙනකුගේ පී සී ආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද(20) පට්ටියපොළ නැගෙනහිර ප්‍රජා ශාලාවේදී සිදුකෙරිණි. 20 July 2020
දාහත් හැවිරිදි දරුවකුගේ සිරුරක් ඇළකින් හමුවෙයි සාලියවැව පොලිස් වසමට අයත් ඉහළපුලියන්කුලම මීගස්වැව ප්‍රදේශයේ ඇළක තිබී 17 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව සාලියවැව පොලීසිය කියයි. 20 July 2020
වලස් හිස් දෙකක් - මස් තොගයක් අල්ලයි වලස් හිස් දෙකක් හා දඩමස් තොගයක් ලඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු මධ්‍යම වනජීවී කලාපයේ සිදු කරන ලද විශේෂ වැටලීමකදී අද (19) අත්අඩංගුවට ගත්බව වනජීවී නිලධාරීහු පැවසූහ. 19 July 2020
නැදිමාලේ ව්‍යාපාරික ස්ථානයක තිබී ආයුධ රැසක් සොයාගනී දෙහිවල නැදිමාල ව්‍යාපාරික ස්ථානයක සිමෙන්තියෙන් තනන ලද මාලු ටැංකියක පතුලේ සඟවා තිබූ වායු රයිෆලයක් ,තියුණු ආයුධ රැසක්,වායු උණ්ඩ තොගයක් අද (19) හමු වූ බව දෙහිවල පොලිසිය කියයි. 19 July 2020
පරිසර පොළක් නුගේගොඩදී ඩෙංගු වසංගතය තුරන් කිරීමේ අරමුණෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභා සෞඛ්‍ය අංශය සහ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් එක්ව සංවිධානය කළ පරිසර පොළක් නුගේගොඩ කට්ටිය හන්දියේ දී (19) පැවැත්විණි 19 July 2020
බලපත් නොමැති ගිනි අවි සමඟ 4 ක් අත්ඩංගුවට බලපත්‍ර නොමැතිව නිති විරෝධි ගිනි අවි හතරක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු අද (19) දහවල් අත් අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 19 July 2020
පී සී ආර් පරීක්ෂණ වැඩි කරන්නැයි උද්ඝෝෂණයක් කොරෝනා වසංගතය හදුනා ගැනීමේ පි.සී.ආර්.පරීක්ෂණ වැඩිකරන ලෙසට ඉල්ලා රජයට බල කිරීමේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (19 ) හික්කඩුව බස් නැවතුම් පොළ ඉදිරිපිටදි පැවැත්විණ. 19 July 2020
ගව සොරකමේ ගිය කල්ලියක් අල්ලයි ගම්පහ දිස්ත්‍රික්කය පුරා ඉතා සංවිධානාත්මක අන්දමින් කලක් තිස්සේ ගවයන් සොරාගැනීමේ යෙදුණු කල්ලියක සාමාජිකයෝ තිදෙනෙක් අද (19) අලුයම පත්තලගෙදර ප්‍රදේශයේදී සොරා ගෙන යමින් සිටි ගවයින් තිදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. 19 July 2020
නාහේනේ ඝාතනයකට පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට කිරිබත්ගොඩ නාහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් තියුණු ආයුධ සමඟ කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය . 19 July 2020
යාපන සරසවියේ ගැටුමකින් සිසුවකුට තුවාල යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරකෑමට ලක්ව එක් සිසුවෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව යාපනය පොලීසිය පවසයි. 19 July 2020
මන්නාරම් කලපුවේ කඩොලාන කැපූ තුනක් අත්අඩංගුවට මන්නාරම වංකාලෙයි ප්‍රදේශයේ දී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධීව කඩොලාන කපමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 19 July 2020
ගලකින් හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි කොස්ගොඩ බාංවැල්ගොඩ ප්‍රදේශයේදී අද (18) ගලකින් හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසයි. 18 July 2020
රියඅනතුරකින් අයෙකු ජීවිතක්ෂයට කන්ටේනර් රථයක් සහ කැබ් රථයක් ගැටීමෙන් ගොකරැල්ල, කරව්වැව ප්‍රදේශයේ දී සිදු වූ අනතුරින් කැබ් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. 18 July 2020
පී.සී.ආර්. පරීක්ෂණ කළ 113ට කොරෝනා නැහැ කැස්බෑව හා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වල පුද්ගලයන් 113 දෙනෙකුට ඉකුත් 16 වෙනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල වලින් ඔවුන් කිසිවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී නොමැති බවට ඊයේ (17) රාත්‍රී ලද වෛද්‍ය වාර්තාවලින් සනාථ වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසීය. 18 July 2020
අප්‍රිකානු රටවල සිට පැමිණ නිරෝධායනය වූ 104 ක් පිටව යති අප්‍රිකානු රටවල් 6ක සිට මෙරටට පැමිණි පුද්ගලයින් 104 දෙනෙකු දඹුල්ල පැල්වෙහෙර රජයේ ගොවි පුහුණු මධ්‍යස්ථානයේ දින 28ක කාලයක් නිරෝධායනය වී සිය නිවෙස් වෙත යැවීම අද (18) සිදුකෙරිණි. 18 July 2020
නිලඇඳුම්, ආයුධ සමග මත්කුඩු අලෙවි කළ 2ක් අත්අඩංගුවට මාලබේ අරංගල ප්‍රදේශයේ ත්‍රී රෝද රථයකින් ගොස් හෙරොයින් මත්කුඩු අලෙවි කරමින් සිටි “හෝකන්දර රයිඩර්” නමැති විශේෂ බලකායේ සෙබලෙකු මත්කුඩු සමගින්, රම්බෝ පිහි, ජීව උණ්ඩ ඇතුළු යුද හමුදා නිල ඇඳුම් තොගයක් සමගින් අද (18) අළුයම සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 18 July 2020
වැල්ලවත්තේ ගව ඝාතනාගාරයක් වටලයි වැල්ලවත්ත කෝවිලක් ආසන්නයේ නිවසක් පිටුපස පවත්වාගෙන ගිය ගව ඝාතනාගාරයක් වටලා, බැදඳ දමා තිබූ ගවයන් 18 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව වැල්ලවත්ත පොලිසිය කියයි. 18 July 2020
පිලියන්දල 100 දෙනෙක් පී.සී.ආර් පරීක්ෂණයට කොරෝනා රෝගය ආසාදනය වූ යුද හමුදා නිලධාරියාගේ මවට සහ මිත්තණියට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමත් සමඟ පපිළියන්දල සහ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවල පදිංචි 100 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණ අද (17) දා සිදු කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. 17 July 2020
කම්බි මදු යොදා ගවයින් - මුවන් ඝාතනය කළ අයෙකු අත්අඩංගුවට රජය විසින් තිස්සමහාරාම අමරවැව ප්‍රදේශයේ ගවයින් සඳහා වෙන් කර ඇති තෘණ භූමිය පිහිටි ප්‍රදේශයේ කම්බි මදු යොදා ගවයින් හා මුවන් දඩයම් කර මසට විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අද (17) අත්අඩංගුවට ගත්බව තිස්සමහාරාම පොලිසිය පැවසීය. 17 July 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025