(ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව පොලිස් වසමට අයත් ඉහළපුලියන්කුලම මීගස්වැව ප්‍රදේශයේ ඇළක තිබී 17 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව සාලියවැව පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ ඉහළපුලියන්කුලම මහගම පදිංචිව සිටි හත්වෙනි මුදියන්සේලාගේ හර්ෂ රුක්ෂාන් දිසානායක බවට පොලිස් මූලික විර්ශනවලදී අනාවරණය වී තිබේ.
මීගස්වැව ප්‍රදේශයේ මෙම දරුවාට අයත් බව කියන රටකජු වගාවක් වනසතුන්ගෙන් ආරක්ෂාකර ගැනීම සදහා 19 දින සවස ඥාතීන් දෙදෙදෙනකුද සමග එහි පැල් රැකීමට ගොස් ඇති බවත්, එම ඥාතීන් දෙදෙනා අද 20 අලුයම කාලයේ බලන විට පැළ ට මීටර කිහිපයක් නුදුරින් ඇළේ තිබී මෙම මළ සිරුර දැක ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පසුව එම ඥාතීන් මේ පිළිබදව පොලීසිය දැනුම්වත්කර ඇති අතර ඒ අනුව පොලීසිය පැමිණ තිබේ.
( ඡායාරූප- හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දාහත් හැවිරිදි දරුවකුගේ සිරුරක් ඇළකින් හමුවෙයි