(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරෝනා රෝගය ආසාදනය වූ යුද හමුදා නිලධාරියාගේ මවට සහ මිත්තණියට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමත් සමඟ පපිළියන්දල සහ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවල පදිංචි 100 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණ අද (17) දා සිදු කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

එහිදී පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් පිළියන්දල දිසා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 11 දෙනකු ඇතුළු 50 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
එසේම කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයට අයත් පිළියන්දල දැල්තර පදිංචි පුද්ගලයින් 50 දෙනෙකුගේ පී.සී. ආර් පරීක්ෂණ සිදු කළ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය.
මේ අතර දැල්තර ප්‍රදේශයෙ තවත් 35 දෙනකුගෙද,පිලියන්දල ප්‍රදේශයෙ 78 දෙනකු ගේ ද ,පී.සී.ආර් පරීක්ෂණ ඊයේ (16) සිදු කර තිබුණි . .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd