IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


නිලඇඳුම්, ආයුධ සමග මත්කුඩු අලෙවි කළ 2ක් අත්අඩංගුවට

(මොරගහහේන - කේ බුද්ධික කුමාරසිරි )

මාලබේ අරංගල ප්‍රදේශයේ ත්‍රී රෝද රථයකින් ගොස් හෙරොයින් මත්කුඩු අලෙවි කරමින් සිටි “හෝකන්දර රයිඩර්” නමැති විශේෂ බලකායේ සෙබලෙකු මත්කුඩු සමගින්, රම්බෝ පිහි, ජීව උණ්ඩ ඇතුළු යුද හමුදා නිල ඇඳුම් තොගයක් සමගින් අද (18) අළුයම සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

සැකකරු සමගින් මත්කුඩු අලෙවියේ යෙදුණු තවත් පුද්ගලයෙකු ද මත්කුඩු සමගින් අත් අඩංගුවට ගෙන ඇත.

අතුරුගිරිය පොලිසියේ කොට්ඨාශ බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල් විජේසේකර මහතාට ලද තොරතුරක් මත මාලබේ අරංගල ප්‍රදේශයේ දී සැකකරු මත්කුඩු අලෙවියේ නිරතව සිටියදී හෙරොයින්  ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 860 ක් ද සමගින් අත්අඩංගුවට ගත් අතර එම අවස්ථාවේදී සැකකරු සමගින් සිටි තවත් පුද්ගලයෙකු ද හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 460 ක්ද සමගින් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

එලෙස අත් අඩංගුවට ගත් විශේෂ බලකායේ හිටපු සෙබලෙකු වන “හෝකන්දර රයිඩර්” නැමැත්තාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කර හෝකන්දර උතුර ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී යුද හමුදා විශේෂ බලකා නිලදාරි ඇඳුම් කට්ටල තොගයක්, රම්බෝ වර්ගයේ පිහි 2ක්, ජීව උණ්ඩ 02 ක් සහ හිස් කොපු 3ක්, හෙරොයින් මත්කුඩු විකිණීමෙන් උපයා ගත් රුපියල් 96160/- ක මුදලක්ද සොයා ගත් බවද පොලිසිය පවසයි.

සැකකරු දෙදෙනනාම හෝකන්දර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (18) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

නිලඇඳුම්, ආයුධ සමග මත්කුඩු අලෙවි කළ 2ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 813 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site