කීඩෑ උවදුරෙන් යල කන්නයේ අක්කර 10,000 ක් විනාශයට කීඩෑ උවදුර හේතුවෙන් මෙවර යල කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කූඹුරු අක්කර 10,000 කට අධික ප්‍රමාණයක වී වගාව මේ වනවිට විනාශ වී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවි ජනතාව පෙන්වා දෙති. 29 July 2020
සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට වදුරඹ, පිටිහරාව ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ලගයින් 6 දෙනකු වදුරඹ පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ඇත. 29 July 2020
ඇල්පිටියේ නිවසකින් ගිනි අවියක් - කඩුවක් සොයාගනී රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඇල්පිටිය පොලිස් වසමේ වතුරුවිල කහදුව මිරිස්සවිල වත්ත ප්‍රදේශයේ නිවසක වහලයේ සිවිලිමේ සඟවා තිබූ ගිනි අවියක් , පතරොම් සහ කඩුවක් සමඟ සැකකරුවෙකු අද (28) අත්අඩංගුවට තිබේ. 28 July 2020
පෝස්ටර් තොගයක් සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට මැතිවරණ නීති රීතිවලට පටැහැනිව එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්රචාරක පෝස්ටර් 483 ක් කැබ් රථයකින් රැගෙන යමින් සිටි බව කියන පුද්ගලයන් සිව් දෙනෙකු අද (28) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි. 28 July 2020
නාවලපිටිය - තලවකැලේ මාර්ගය යථා තත්ත්වයට නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයට අද (28) දින ගසක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය. 28 July 2020
මෝටර් රථයක සඟවා තිබූ ගිනි අවියක් සොයාගනී පාදුක්ක මලගල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක සඟවා තිබූ බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවියක් ද, උණ්ඩ තුනක් ද සමඟ සැකකරුවෙකු අද(28) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ හොරණ කඳවුර පවසයි. 28 July 2020
අතුරුදන් වූවන්ගේ පවුල් එකතුවේ සාමාජිකයෝ නිහඬ විරෝධතාවක අතුරුදහන්වුවන්ගේ පවුල්වලට රුපියල් 6000ක මාසික අතුරු දීමනාවක් ගෙවීමට පසුගිය රජය විසින් සම්මත කරන ලද දීමනාව මේ රජය යටපත් කර ඇතැයි කියමින් එම දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා රජයට බල කිරීමේ නිහඬ විරෝධතාවයක් අද (28) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. 28 July 2020
දරුවා අපයෝජනය කළ පියා සොයා පරීක්ෂණ වසරක පමණ කාලයක සිට වයස අවුරුදු 8 ක වැඩිමල් දරුවාට බරපතළ ලිංගික අපයෝජනය කළ බව කියන පියෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව බදුරලිය පොලිසිය කියයි . 28 July 2020
මුහුදු ගිය ධීවරයෙක් බෝට්ටුව පෙරළී අතුරුදන් පලෙයි , කට්ටකාඩු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයකු යාපනය, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී බෝට්ටුව පෙරළී අද(28) උදෑසන අතුරුදහන්ව ඇතැයි පලෙයි පොලිසිය කියයි. 28 July 2020
ලිඳුල වතුයායක ගින්නකින් වතු නිවාස 10ක් විනාශයි තලවකැලේ, ලිඳුල අග්‍රාකන්ද වතුයායේ වතු ලයිම් නිවාස පේළියක අද (28) ඇති වූ ගින්නකින් වතු නිවාස 10 ක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. 28 July 2020
හෙරොයින් සැකකරුගෙන් නිවෙස් බිඳුම් තොරතුරු අනාවරණය වෙයි ගල්කිස්ස දෙවට පාර පාලම අසල දී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී නිවෙස් බිදුම් 6 ක තොරතුරු අනාවරණය වූ ගල්කිස්ස පොලිසිය කියයි . 28 July 2020
වව්නියාවේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගයෙක් මරුට වවුනියාව පරනාට්කල් ප්‍රදේශයේ අද ( 28) සිදු වු රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ . 28 July 2020
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනකු කිලිනොච්චිය , භාරතීපුරම් ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 28 July 2020
ඡන්ද පත්‍රිකා බෙදූ තිදෙනෙකු අත්අඩංගුවට පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේකෂකයෙකුගේ ප්රචාරක ඡන්ද පත්‍රිකා ගාල්ල නගරයේ බෙදමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 28 July 2020
බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනයමින් සිටි රැඳවියා ළඟ ගංජා ගාල්ල බන්ධනාගාරයේ සිට බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන යමින් සිටි රැඳවියෙකු සතුව තිබී ගංජා මත්ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 28 July 2020
ට්‍රක් රථයක ගැටී ත්‍රිරෝද රථයේ රියැදුරු මරුට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුව නගරයේ දි ත්‍රිරෝද රථයක් හා ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් වු අනතුරකින් ත්‍රිරෝද රථරියදුරු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව හික්කඩුව පොලිසිය පවසයි. 28 July 2020
ග්ල්යිපොසෙට් තොගයක් සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ තහනමට ලක්කර ඇති ග්ල්යිපොසෙට් ඇතුළු කෘෂි රසායන තොගයක් නීති විරෝධි ලෙස අලෙවි කළ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු තඹුත්තේගම නගරයේදී අද (27) අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 27 July 2020
පොල්කටු පුළුස්සමින් සිටි වළට වැටී පුද්ගලයෙක් මිය යයි වළකට දමා පොල්කටු පුළුස්සමින් සිටි පුද්ගලයෙකු අද (27) උදෑසන එම අගුරු වලට වැටී පිළිස්සී මියගොස් ඇති බව වාරියපොල පොලිසිය කියයි. 27 July 2020
පාරිභෝජනයට නුසුදුසු ආහාර තොගයක් විනාශ කරයි කරන්දෙණිය නගර මධ්‍යයේ ආපනශාලා හා තොග වෙලදසල් කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ගාලු දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අද (27 ) සිදු කළ හදිසි මෙහෙයුමකින් පාරිභෝජනයට නුසුදුසු කැමට තබා තිබු බත් ,බිත්තර හා වියළි ආහාර ද්‍රව්‍ය අත් අඩංගුවට ගෙන විනාශ කරන ලදි. 27 July 2020
හලාවත ධීවර යාත්‍රාවකට ගිනි තියලා:අයෙක් අත්අඩංගුවට හලාවත මැදවත්ත ධීවර ගම්මානයේ කලපුව අසළ මුහුදු යාම සඳහා සුදානම් කර තිබු එක් දින ධීවර යාත්‍රාවකට කිසිවකු විසින් ගිනි තබා මුළුමනින්ම විනාශ කර ලක්ෂ 10 ක පමණ අලාභයක් සිදු කර ඇති බව හලාවත පොලිසිය කියයි. 27 July 2020
ග්‍රාම නිලධාරියාට පහරදුන්නාට මීරිගම පිරිසක් වීදි බසිති මත්ද්‍රව්‍ය ජාවාරම් නැවැත්වීමට පෙරමුණ ගෙන ක්‍රියා කළ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත පස්යාල කිතානවත්ත ග්‍රාම නිලධාරීවරයාට මැර ප්‍රහාරයක් එල්ලකිරීමට විරෝධය පාමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීහු සහ සංවර්ධන නිලධාරීහු අද(27) මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක යෙදුනහ. 27 July 2020
තංගල්ලේ අහඹු පීසීආර් පරීක්ෂණ 43ක් තංගල්ල නගරය ආශ්‍රිතව අහඹු ලෙස පී සී ආර් පරීක්ෂණ සඳහා පුද්ගලයන් 43කගේ සාම්පල ලබා ගැනීම අද (27) සිදුකෙරිණි. 27 July 2020
ලක්ෂ 4 ක් වටිනා පා පැදි සමඟ අයෙක් අත්අඩංගුවට මොරටුව ඇතුළු පොලිස් වසම් කිහිපයක පාපැදි සොරකමේ යෙදුණු පුද්ගලයෙක් රුපියල් ලක්ෂ හතරකට අධික වටිනා පාපැදි සමඟ අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි . 27 July 2020
අණ නොතකා පලා ගිය සෙබළා පොලිසියේ නිලධාරියකුට පහර දෙයි පොලිස් අණ නොතකා පලාගිය යතුරුපැදිකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිසියේ පිරිසක් යතුරුපැදිකරුගේ පහරදීමට ලක්ව එක් පොලිස් නිලධාරියකු අද (27) රෝහල්ගත කර ඇති ඇති අතර පලා යාමට තැත් කළ යතුරුපැදිකරු වූ නාවික සෙබළා අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 27 July 2020
සියඹලාණ්ඩුවේ අනතුරකින් සිසුවෙක් මරුට අම්පාර-සියඹලාණ්ඩුව මාර්ගයේ කන්දඋඩපංගුව 6 කණුව අසලදී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු අද (27) මිය ගිය බව ගොවිඳුපුර පොලීසිය පවසයි. 27 July 2020
යක්කලමුල්ලේ නිවසකින් ගිනි අවියක් සොයාගනී යක්කලමුල්ල ඇල්ල ඉහළ මාගෙදර ප්‍රදේශයේ නිවසක තිබී ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 27 July 2020
යතුරු පැදි දෙකක් ගැටී අයෙක් මරුට-අයෙක් රෝහලේ කටුවන පොලිස් වසමේ සියාරපිටිය අතුරු මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව කටුවන පොලීසිය පවසයි. 27 July 2020
නිධන් හැරූ 11 ක් අගෝස්තු 07 දක්වා රිමාන්ඩ් කන්දකැටිය උල්පතගම අඹගහවත්ත කුඹූරුයායේ ගල්තලාවක නිධානයක් හාරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත්කළ සැකකරුවන් 11 දෙනා අගෝස්තු මස 07 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සුජීවනද සිල්වා මහතා අද (26) නියෝග කළේය. 26 July 2020
අධිකරණය මග හැර සිටි සැකකරුවන් තිදෙනෙකු අල්ලයි විවිධ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මග හැරීම නිසා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු 5 ක් නිකුත් කර තිබූ සැකකරුවෙකු සහ තවත් දෙදෙනෙකු අද (26) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 26 July 2020
කඩුවක්- බදින තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට මීගහතැන්න ලිහිණියාව කුමාර කන්ද මාවත ප්‍රදේශයේ නිවසක් වැටලීමේ දී කඩුවක් සහ බදින තුවක්කුවක් රැගෙන නිවසේ පිටුපස දොරින් පලා යාමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි . 26 July 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025