පාරිභෝජනයට නුසුදුසු ආහාර තොගයක් විනාශ කරයි
කරන්දෙණිය නගර මධ්‍යයේ ආපනශාලා හා තොග වෙලදසල් කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ගාලු දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අද (27 ) සිදු කළ හදිසි මෙහෙයුමකින් පාරිභෝජනයට නුසුදුසු කැමට තබා තිබු බත් ,බිත්තර හා වියළි ආහාර ද්‍රව්‍ය අත් අඩංගුවට ගෙන විනාශ කරන ලදි.