
(ටෝනි කරුණානායක)
විවිධ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මග හැරීම නිසා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු 5 ක් නිකුත් කර තිබූ සැකකරුවෙකු සහ තවත් දෙදෙනෙකු අද (26) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
අධිකරණය මගින් නිකුත් කරන ලද විවෘත වරෙන්තු 5 ක් මත අත්අඩංගුවට ගත්, මරදගහමුල හපුවලානේ පදිංචි සැකකරු සහ විවෘත වරෙන්තු මත අත්අඩංගුවට ගත්, මාබොදල සහ වීදියවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනාව මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසා සිටියි.
සැකකරුවන් අධිකරණය මග හැර සිටි කාලයේදි වෙනත් අපරාධ සඳහා යොමු වී සිටියේදැයි පරීක්ෂා කිරීම සඳහා සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීම සඳහා කටයුතු කරන බව පොලිසිය පවසයි.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේස් මහතාගේ උපදෙස් මත මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd