
(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ලිඳුල අග්‍රාකන්ද වතුයායේ වතු ලයිම් නිවාස පේළියක අද (28) ඇති වූ ගින්නකින් වතු නිවාස 10 ක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
එම වතු නිවාසවල පදිංචිව සිටි පුද්ගලයන් 75 කු අවතැන්ව ඇති අතර, ඔවුන් එම වතුයායේ සංස්කෘතික මධ්‍යස්ථානයේ හා දේවස්ථාන ගොඩනැගිල්ලක දැනට තාවකාලිකව නවතාලීමට පියවර ගෙන තිබේ.
ගිනිගත් එම වතු නිවාසවල තිබු වතු කම්කරුවන් සතු ගෘහ උපකරණ, ළමුන්ගේ පාසල් පොත් හා උපකරණ, වටිනා ලියකියවිලි ඇතුළු දේපල සියල්ලම විනාශයට පත්ව ගොස් තිබිණි.
වතු කම්කරු නිවාස පේළියේ එක් නිවසක ඇතිව තිබු ගින්න අනෙකුත් වතු නිවාසවලටද පැතිරී ගොස් ඇති බවත්, ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලීසිය පවසයි.
ලිඳුල පොලීසියේ නිලධාරීන් හා වතුයායේ වතු කම්කරුවන් එකතුව ගින්න නිවා දැමීටට දැඩි වෙහසක් ගනු ලැබුවද එය අසාර්ථක වී ඇත.
ගින්න සම්බන්ධයෙන් ලිඳුල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.