( දයාරත්න ඇඹෝගම)

තහනමට ලක්කර ඇති  ග්ල්යිපොසෙට් ඇතුළු කෘෂි රසායන තොගයක් නීති විරෝධි ලෙස අලෙවි කළ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු තඹුත්තේගම නගරයේදී අද (27) අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

වකුගඩු රෝගය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලෙවි කළ නොහැකි ග්ල්යිපොසෙට් ඇතුළු නීති විරෝධී කෘෂි රසායන වර්ග පහක්  අඩංගු පැකට් 250 ක් මෙහිදී පොලිසිය  විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරින් ගෙන් ලද තොරතුරකට අනුව අනුරාධපුර පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර තිබුණි.

මෙම  ගල්යිපොසෙට්  ඇතුළු කෘෂි රසායන ඉන්දියාවේ  සිට හොර රහසේ  මෙරටට ගෙන්වා අලෙවි කරන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ කෘෂි රසායනඅඩංගු  පැකට්  තොගය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තඹුත්තෙගම පොලිසියට භාර දීමට අනුරාධපුර පොලිසියේ දූෂණ මර්දන එකකයේ නිලධාරීන් කටයුතු කර ඇත.

සැකකරුවන් දෙදෙනා හෙට (28) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.