
(චන්ද්‍රසේන ගමගේ)
කටුවන පොලිස් වසමේ සියාරපිටිය අතුරු මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව කටුවන පොලීසිය පවසයි.
අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ කටුවන කොහොම්පෝරුවේ පදිංචිව සිටි 20 වියේ පසු වූ කේ.ජී. රුවන් පතිරණ යන අයෙකි. ඔහුගේ සිරුර මේ වන විට ඇඹිලිපිටිය දිස්ත්‍රික් මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ කටුවන මීමන කොළදෙනිය පදිංචිව සිටින පසිදු පළිහ වඩන යන අයෙකි.
අනතුර සම්බන්ධයෙන් කටුවන පොලීසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd