
(කේෂර ගුණතිලක)
අම්පාර-සියඹලාණ්ඩුව මාර්ගයේ කන්දඋඩපංගුව 6 කණුව අසලදී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු අද (27) මිය ගිය බව ගොවිඳුපුර පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව 6 කණුව අසල පදිංචි ටී.එම් නිරෝෂන් දිල්හාර (15) නැමති පාසල් ශිෂ්‍යයෙකි.
ඔහු තවත් අයෙකු සමඟ යතුරුපැදියකින් 6 කණුව අසල පිහිටි නල ළිඳකට වතුර ගෙන ඒමට යමින් සිටියදී පිටුපසින් පැමිණි අම්පාර සිට කොළඹට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් යතුරුපැදියේ ගැටී ඇත.
එම අනතුරෙන් තුවාල ලැබූ පැදිකරු හා පසු පැදිකරු සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
බස්රථයේ රියැදුරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අද (27) සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සියඹලාණ්ඩුවේ අනතුරකින් සිසුවෙක් මරුට