(ඩී.ජී.සුගතපාල)
රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඇල්පිටිය පොලිස් වසමේ වතුරුවිල කහදුව මිරිස්සවිල වත්ත ප්‍රදේශයේ නිවසක වහලයේ සිවිලිමේ සඟවා තිබූ ගිනි අවියක් , පතරොම් සහ කඩුවක් සමඟ සැකකරුවෙකු අද (28) අත්අඩංගුවට තිබේ.
නිවසේ කාමරයක සිවිලිමේ සඟවා තිබියදී මෙරට නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක්,බෝර 12 පතරොම් 5ක්,කඩුවක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සැකකරු සහ නඩු භාණ්ඩ ඇල්පිටිය පොලිසියට බාරදි ඇති අතර සැකකරු පතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධවී තිබේද යන්න පිළිබඳව ඇල්පිටිය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
සැකකරු හෙට (29) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඇල්පිටියේ නිවසකින් ගිනි අවියක් - කඩුවක් සොයාගනී